Home ව්‍යාපාර පුවත් විෂන් කෙයා ‘සාහිත්‍ය මාසය’ සමරමින් අක්ෂි සත්කාරයේ වැදගත්කම පෙන්වා දෙයි

විෂන් කෙයා ‘සාහිත්‍ය මාසය’ සමරමින් අක්ෂි සත්කාරයේ වැදගත්කම පෙන්වා දෙයි

by Hela news

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සැප්තැම්බර් මාසයේ යෙදෙන සාහිත්‍ය මාසය සමරමින් කියවීමේ වැදගත්කම අවධාරණය කරයි. කියවීම යනු මිනිසා කුඩා කල සිටම ඉගෙන ගත යුතු අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් වන අතර, මේ සාහිත්‍ය මාසය කියවීමේ පුරුද්ද වර්ධනය කර ගැනීමේ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි. වැඩිහිටියන් හා ළමුන් අතර කියවීම ජනප්‍රිය විනෝදාංශයක් වන ශ්‍රී ලංකාව තුළ ඉතා ඉහළ සාක්ෂරතා මට්ටමක් ඇත. නිරන්තරයෙන් පොත්පත් කියවීම ලෝකය පිළිබඳ ඔබේ දැක්ම පුළුල් කර, ඔබේ නිර්මාණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, මානසික ආතතිය ලිහිල් කිරීමටත්, විශ්ලේෂණාත්මක හා විවේචනාත්මක චින්තන හැකියාවන් ඉහළ නැංවීමටත් උපකාරි වෙයි.

ඔබ ජීවිත කාලය පුරාම අපහසුවකින් තොරව කියවීම සඳහා ඔබේ ඇස් සෞඛ්‍ය සම්පන්නව තබා ගත යුතු වෙයි. වයස්ගත වීමත් සමඟ පෙනීමේ වෙනස්කම් ඇති වන අතර, ඔබට වයස අවුරුදු 40 පමණ වන විට ඔබේ ඇස්වල ස්වාභාවික අභ්‍යන්තර කාච නම්‍යශීලි වීම අඩු වේ. මේ තත්ත්වය හේතුවෙන් ඔබට ළඟ පෙනීම නැතහොත් ආසන්න දැක්ම අපහැදිලි වනු ඇත. එය ප්‍රෙස්බියෝපියාව නමින් හැඳින්වෙන අතර එය වයසට යෑමත් සමඟ ඇති වන ස්වභාවික තත්වයකි. ඔබට ඔබේ සුපුරුදු කියවීමේ දුරින් පොත් පත් තබා ගත් විට ඒවා බොඳ වී පෙනෙන්නේ නම් හෝ සාමාන්‍ය ආලෝක තත්ත්වයන් යටතේ කුඩා මුද්‍රණ කියවීමේදී අපහසුතාවක් දැනේ නම් හෝ කියවීමට උත්සාහ කරන විට ඔබේ ඇස් රිදෙන තත්ත්වයක් හෝ හිසරදයක් ඇති වේ නම් මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති දෘෂ්ටි සේවා වෘත්තීයවේදියකු මඟින් නිසියාකාර අක්‍ෂි පරීක්ෂාවක් වෙත යොමු වීම වැදගත් වේ.

0 comment
0

Related Posts

Leave a Comment