Home උණුසුම් පුවත් විශාලතම ෆයිසර් තොගය දිවයිනට.

විශාලතම ෆයිසර් තොගය දිවයිනට.

by Hela news

මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ, එන්නත් මාත්‍රා 1,503,450ක් මෙරටට රැගෙන ආ බවය.

එම එන්නත් මාත්‍රා ගබඩා කිරීම සඳහා නාරහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතය.

මේ අතර තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

දෙසැම්බර් පළමු වැනි දිනට අදාළව ඊයේ (01) දිනයේ එම තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අතර වයස අවුරුදු 60ට වැඩි මරණ 15ක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 11ක් වෙයි.

ඒ අනුව, මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,372ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර ගත වු දිනය තුළ මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 744 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

එම පිරිසත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 564,733 ලෙස දැක්වෙයි.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 540,783 දෙනෙකු සුවය ලබා ඇති අතර පුද්ගලයින් 9,578 දෙනෙක් තවදුරටත් ආසාදිත තත්ත්වයේ පසුවෙති.

0 comment
0

Related Posts

Leave a Comment