Home ක්‍රීඩා පුවත් විශ්වවිද්‍යාලයීය ටයිකොන්ඩෝ ශූරතාවලිය ඔන්ලයින් ක්‍රමයට

විශ්වවිද්‍යාලයීය ටයිකොන්ඩෝ ශූරතාවලිය ඔන්ලයින් ක්‍රමයට

by Hela news

කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සංවිධාන කළ අන්තර් විශ්වවිද්‍යාල ටයිකොන්ඩෝ පිරිමි – කාන්තා තරගාවලියේ ශූරතා මොරටුව විශ්වවිද්‍යාලය හිමි කර ගනියි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සහයෝගීතාවයෙන් මේ තරගාවලිය ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීම මෙවර විශේෂත්වයක් විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නව ව්‍යායාම ශාලාව තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වූ අතර, ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කාන්තා

1. මොරටුව විශ්වවිද්‍යාලය ලකුණු 10, 2. කැලණිය විශ්වවිද්‍යාලය 09, 3. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 07, 4. සබරගමුව විශ්වවිද්‍යාලය 06, 5.කොළඹ විශ්වවිද්‍යාලය 03, 5. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 03, 7. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 02

පිරිමි

1. මොරටුව විශ්වවිද්‍යාලය ලකුණු 11, 2. කොළඹ විශ්වවිද්‍යාලය 09, 2. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 09, 4. කැලණිය විශ්වවිද්‍යාලය 08, 5. රුහුණු විශ්වවිද්‍යාලය 01, 5. සබරගමුව විශ්වවිද්‍යාලය 01, 5. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය 01

0 comment
0

Related Posts

Leave a Comment