දිවයිනේ ප්‍රදේශ රැසක පත්නා වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ලවී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරන්නේ ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බවයි.
පානීය ජල අවශ්‍යතාවය මණ්ඩලය පැය 24 පුරා අඛණ්ඩව සිදුකරන තත්වය තුල උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව පැවසෙනවා.
මේ තත්වය මත ජල පරිහරණය අරපිරිමැස්මෙන් සිදුකරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජනතාවගෙන් ඉල්ලසිටිනවා.