වියදම එහෙන් බිල අපෙන්

0
59

ලංකාව ක්‍රිකට්වලින් ලෝක ශුරයො වෙලා අවුරුදු 25 පිරීමේ උත්සවේ පසුගියදාක තිබුණෙ අරලියගහ වලව්වෙ…

මේක සංවිධානෙ කරන්න උපදෙස් ලබාදීල අවශ්‍ය කරන සේරම වියහියදම් රටේ දෙවැනි මහත්තයගෙ අනුග්‍රහයෙන් ලබාදුන්නෙ ජාතික උත්සවයක් හැටියට ඒක සලකපු නිසාලු…

රැඟුම් ගැයුම් වැයුම් කෑම බීම සංග්‍රහ එක්ක අරලියගහ වලව්වෙ ශාලාවෙ තිබුණු උත්සවේ ගාම්භීර විදියට සිද්ධ වුණා. රටේ දෙවැනි මහත්තයා කියපු විදියට අවම වියදමකින් උපරිම සංග්‍රහයකුත් කෙරුණා. අපේ පරණ ක්‍රිකට් තරු සේරම වගේ අරලියගහ වලව්වට ආවා. ආවෙ නැත්තෙ ඉන්දියාව ලෙජන්ඩ්ස් තරගයට ගිහිල්ල හිටපු සනාල විතරයි.

කොහොමහරි මෙතෙන්දි අර්ජුන කරපු ආන්දෝලනාත්මක කතාවත් හැමෝගෙම අවධානෙට ලක්වුණා.

නමුත් මේ උත්සවේ ඉවර වුණාම අපට අපූරු ආරංචියක් ලැබුණා. ඒක ලැබුණෙ ක්‍රිකට් මහගෙදර පැත්තෙන්. රටේ දෙවැනි මහත්තයගෙ අනුග්‍රහයෙන් උත්සවේ කෙරුණත් ඒකට එක්තරා ක්‍රිකට් ලොක්කෙක් ලොකු බිලක් දැම්මය කියන එකයි මේ ආරංචිය… ඒ අනුව රුපියල් ලක්ෂ පනහක හැටක මුදලක් වියදම් හැටියට ගත්ත බව ඇතුළෙම උදවිය කියනව…

ඒ කතාව ඇහුවම අපට මතක් වුණේ එදා ක්‍රිකට් උත්සවේදි අර්ජුන කියපු කතාවක්. “මෙතන ඉන්න සමහරුන්ගෙ මුහුණු දැක්කම මට හැරිල යන්න හිතුණ”ය කියලයි අර්ජුන එදා කිව්වෙ…

අර්ජුන එදා එහෙම කිව්වෙ එක්කෙනෙක් දිහා බලලලු. එයා දැන් ක්‍රිකට් මහගෙදර ලොක්කෙක්… අන්න එයාගෙ කන්තෝරුවෙන් මේ අපූරු බිල දාපු බවයි අපට ආරංචි වුණේ… මේවාට තමයි කියන්නෙ මහ දවල් …………. කියල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here