Home උණුසුම් පුවත් විපක්ෂ නායක

විපක්ෂ නායක

by Hela news

විපක්ෂ නායක

සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමට දීප­ාවලියේදී අරමුණු කර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීපවාලි සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ආලෝක පේළිය” යන අර්ථය සහිත දීප­ාවලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයකි.

සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් ලෙස එය සැලකෙන අතර වර්තමානයේ ලොව පුරා ව්‍යාප්ත කොරෝනා උවදුර නැමති නපුර පරාජය කිරීම උදෙසා ද මේ උතුම් දිනයේ ප්‍රාර්ථනා කරමු.

දීපාවලී උත්සවය සමරනු ලබන්නේ කාර්තිකෙයි මාසය තුළය. වෙසෙසින්ම අනුකම්පාව, පරාර්ථකාමිත්වය, සමඟිය, ඉවසීම, ගෞරවය යන හින්දු සාරධර්ම සමරන කාලයයි.

ගනඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණක් වන අතර ලෝකයේ පවතින සදාතනික ධර්මතාවයද එයයි. ඇසට පෙනෙන ආලෝකය පමණක් නොව චිත්ත අභ්‍යන්තරයේ තිබෙන ආලෝකය මතු කර ගැනීම පිළිබඳ ලෝකයේ බොහෝ ආගම් සහ දර්ශනයන් අවධානය යොමු කර තිබේ. ඒ පිළිබඳ හින්දු භක්තිකයන් ඉහළින්ම කල්පනා කරන අතර ඔවුන්ගේ උතුම් සංස්කෘතික උත්සවය වන්නේ දීපාවලි උත්සවයයි.

0 comment
0

Related Posts

Leave a Comment