Home දේශීය පුවත් විපක්ෂයේ සාධාරණ විවේචන යෝජනා පිළිගන්න රජය සූදානම් – අගමැති

විපක්ෂයේ සාධාරණ විවේචන යෝජනා පිළිගන්න රජය සූදානම් – අගමැති

by Hela news

විපක්ෂය ඉදිරිපත් කරන සාධාරණ විවේචන සහ යෝජනා පිළිබඳ අවධානය යොමු කිරීම‍ට රජය ඕනෑම අවස්ථවක සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පතක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බවත් එය සියලු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාකච්ඡාවට භාජනය කිරීමට අපේක්ෂා කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ 2022 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ විවාදයේ ජනාධිපති, අගමැති වැය ශීර්ෂයන් ඇතුළු වැයැ ශීර්ෂ 25ක් සම්බන්ධයෙන් වූ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතය රටට බලපා ඇති හෙයින් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් කඩා වැටීමට ලක්ව ඇති බව පැහැදිලි කළ අගමැතිවරයා කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් ඇතුළත් අයවැයක් ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“කොවිඩ් වසංගතය හමුවේ රජයක් ලෙස අප මූලිකත්වය ගත්තේ ජනතාව ආරක්ෂා කරන්නයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු හැම තීරණයක්ම අප නිසි වෙලාවට ගත්තා. කොවිඩ් වසංගතය ආරම්භයේදීම අපේ රජය අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කළා. ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා ඉටු කිරීමටත් ජනතා ගැටලු විසඳීමටත් දවසේ පැය 24 පුරා අග්‍ර­ාමාත්‍ය කාර්යාලය කටයුතු කළ බව සිහිපත් කරන්න ඕනෑ. ඒ වගේම අප පක්ෂ නායකයන් සමඟද අදහස් හුවමාරු කර ගනිමින් ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සහ සෞඛ්‍ය පහසුකම් දීමට කටයුතු කිරීමට මැදිහත් වුණා. 2019 අප භාරගත්තේ කඩාවැටුණු ආර්ථිකයක්. ඒ ආර්ථිකය ඔසවා තබන අපේක්ෂාව මෙවර අයවැය යෝජනාවල තියෙනවා. සුපුරුදු පරිදිම තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් වාද විවාද කරනවා අප දැක්කා. විරුද්ධ පක්ෂය ඉදිරිපත් කරන යම් සාධනීය අදහස්වලට අප සවන් දෙනවා. අප මේ වෙලාවේ සාමූහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි.”

0 comment
0

Related Posts

Leave a Comment