Home දේශීය පුවත් විදුහල්පතිවරුන් 97%යි ගුරුවරුන් 89%යි සිසුන් 45%යි ඊයේ පාසල් ඇවිත්

විදුහල්පතිවරුන් 97%යි ගුරුවරුන් 89%යි සිසුන් 45%යි ඊයේ පාසල් ඇවිත්

by Hela news

මෙරට සියලු පාසල්වල 1-5 ශ්‍රේණි ආරම්භ කැරුණු ඊයේ (25) විදුහල්පතිවරුන්ගෙන් 97%ක් හා ගුරුවරුන්ගෙන් 89%ක් සේවයට වාර්තා කර තිබූ අතර සිසුන්ගේ පැමිණීම 45%ක මට්ටමක පැවැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිනමිණ‘ට පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් විසමතාවලට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දින 106ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර, පාසල්වල සේවයට වාර්තා කර තිබුණේ ද ඊයේ දිනයේ වීම විශේෂත්වයකි.

සිසුන්ගේ පැමිණීමේ සංඛ්‍යාව ඉදිරියේදී ක්‍රමානුකූලව වැඩිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඒ මහතා කීය. සිසුන් ‍200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ආරම්භ කැරුණේ පසුගිය 21 වැනිදා ය. පාසල් ආරම්භ කිරීමේ දෙවැනි අදියර ලෙස දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඊයේ ආරම්භ වූ අතර, පාසල් 9155ක් ‍එයට ඇතුළත්ව තිබුණි. දරුවන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම, දෑත් සේදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මෙදින පාසල් කටයුතු ආරම්භ විය. පාසලට පැමිණීමේදී නිල ඇඳුම බාධාවක් කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය කර තිබූ දැනුම්දීම අනුව ඇතැම් සිසුන් පාට ඇඳුමින් සැරසී පාසල් පැමිණ සිටිනු ද දක්නට ලැබිණි.

0 comment
0

Related Posts

Leave a Comment