Home උණුසුම් පුවත් වැලිකඩ මුකුත් වුනේ නෑ කියලා මම කිව්වේ නෑ – තුෂාර කියයි

වැලිකඩ මුකුත් වුනේ නෑ කියලා මම කිව්වේ නෑ – තුෂාර කියයි

by Hela news

වැලිකඩ සිද්ධියේ කොමසාරිස් භූමිකාව සමාජ මාධ්‍යයෙන් විකෘති කළ හැටි මෙන්න

වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය 6 වැනි දින කිසිදු සිද්ධියක් වූවේ නැතැයි තමා විසින් පැවැසූ බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ගෙනයන ප්‍රචාරය කණගාටුදායක බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය පවසනවා.

තමන් විසින් කළ සම්පූර්ණ කතාවක කොටසක් උපුටා දක්වමින් මෙම විකෘති පුවත නිර්මාණය කර ඇති බව පවසන උපුල්දෙණිය මහතා පවසන්නේ තමන් කියා සිටියේ වාර්තාවන් ලද පසු සිද්ධිය පිළිබඳ ප්‍රකාශක් කළ හැකි බවත් මාධ්‍ය මගින් වාර්තා වූ සියළු කරුණු සත්‍ය නොවන බවත්ය.

වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වල මෙම සිදුවීම් සිදු වූ පසු මේ පිළිබඳ සොය බලා කටයුතු කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයකු යෙදවූ බවත් අදාල සියළු අංශ දැනුවත් කිරීමට කටයුතු කළ බවත් සඳහාන් කරන හෙතෙම, එසේම යම් සිදුවීමක් සිදු වූ පසු ඒ පිළබඳ මූලික සොයා බැලීමක් සිදු නොකර ප්‍රකාශයක් සිදු කිරීම සුදුසු නොවන බව ද සඳහාන් කරන බව කියා සිටියා.

0 comment
0

Related Posts

Leave a Comment