Home ව්‍යාපාර පුවත් වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සහ නැඟෙනහිර කොළඹ රොටරි සමාජයෙන් සුව විරුවන්ට උපහාර

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සහ නැඟෙනහිර කොළඹ රොටරි සමාජයෙන් සුව විරුවන්ට උපහාර

by Hela news

ස්වර්ණාභරණ ලොව කිරුළ පැලඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පූර්ණ අනුග්‍රහයෙන් කොළඹ නැඟෙනහිර රොටරි සමාජය සමඟ එක්ව සංවිධාන කළ ‘දීපාවලි උපහාර’ සම්මාන හා ත්‍යාග ප්‍රදානෝත්සවය දීපාවලි දින උදෑසන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පරිශ්‍රයේදී සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් අභිමානවත් ලෙස පවැත්විණි. දේශයේ සුව ජීවනයට දිරිය දුන් අයට උපහාර පිදීමේ අරමුණෙන් සංවිධාන කෙරුණු මේ උපහාර උලෙළේදී වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ශ්‍රී ප්‍රතාපන් මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය, වැල්ලවත්ත හිටපු පොලිස් ස්ථානාධිපති කපිල ප්‍රියංක විජේමාන්න මහතා සහ නගරයේ පිරිසිදුකම රැක ගැනීම සඳහා සහාය දක්වන සනීපාරක්‍ෂක සේවක සේවිකාවන් රැසක් වෙත උපහාර පුදන ලදි.

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරි සහ නැඟෙනහිර කොළඹ රොටරි සමාජයේ සභාපති ඒ. පී. ජෙයරාජා, සම හවුල්කරු දිවාකර් බාලසුබ්‍රමණියම්, කළමනාකාර හවුල්කරු පී සිවකුමාර්, හැටන් නැෂනල් බැංකුවේ සහ කාගිල්ස් බැංකුවේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රාජේන්ද්‍ර ත්‍යාගරාජා, නැඟෙනහිර කොළඹ රොටරි සමාජයේ ලේකම් සයිෆු ආතමලි යන මහත්වරුන් මෙන්ම ක්ලීන් ටෙක් ආයතනයේ නිලධාරීහු, වැල්ලවත්ත පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වයි. එන්. හේෂාන් මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීහු සහ නිත්‍යකල්‍යාණි ජුවලරි කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ. කොවිඩ් වසංගත සමයේ වැල්ලවත්ත නගරය කෙන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ සෞඛ්‍යාරක්‍ෂාව හා සනීපාරක්‍ෂාව තහවුරු කිරීමට ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ සනීපාරක්‍ෂක සේවක සේවිකාවන්ගේ සේවය අගය කරමින් ඔවුන්ට උපහාර පිදීම වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ආයතනයේ සමාජ සුබසාධන කටයුතුවල තවත් ඉදිරි පියවරකි. ලේ දන් දීම්, වෙරළ පිරිසිදු කිරීම්, හරිත මංමාවත් ඇති කිරීම, පාසල් හා ආගමික ස්ථාන සංවර්ධන කටයුතු ආදි සමාජ සුබසාධන කටයුතු රැසක වාර්ෂිකව නිරත වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි, කොළඹ නැඟෙනහිර රොටරි සමාජය සමඟ එක්ව ඉදිරියේදීත් මෙවැනි සමාජ සේවා කටයුතු රැසක නිරත වීමට අපේක්‍ෂා කරන බව ඒ. පී. ජෙයරාජා මහතා අවධාරණය කළේය. “රත්රන් ලොව ඉස්තරම් නාමයක් දිනා සිටින අප ඔබගේ සේවය රත්රන්වලටත් වඩා වටිනා බව දන්නවා.” ස්තූති කතාව කරමින් පී සිවකුමාර් මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment