Home පොලිස් පුවත් වැල්ලවත්තේ සහ බම්බලපිටියේ දී නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් හමුවේ

වැල්ලවත්තේ සහ බම්බලපිටියේ දී නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් හමුවේ

by Hela news

ඊයේ දින උදෑසන කාලයේදී වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත මුහුදු වෙරළේ මළ සිරුරක් ඇති බවට වැල්ලවත්ත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 40 ත් 55 ත් අතර පෙනුමැති පිරිමි පුද්ගලයකු වන අතර මෙතෙක් හඳුනාගෙන නොමැත.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

මේ අතර ඊයේ උදෑසන කාලයේදී බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු වෙරළේ මළ සිරුරක් ඇති බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 40ත් 50ත් අතර පෙනුමැති පිරිමි පුද්ගලයකු වන අතර මෙතෙක් හදුනාගෙන නොමැත. මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

0 comment
0

Related Posts

Leave a Comment