Home උණුසුම් පුවත් වැඩිහිටියන් රවටා රන් භාණ්ඩ සහ මුදල් වංචාකළ පිරිසක් පොලිස් අත්අඩංගුවට.

වැඩිහිටියන් රවටා රන් භාණ්ඩ සහ මුදල් වංචාකළ පිරිසක් පොලිස් අත්අඩංගුවට.

by Hela news

රජයෙන් ලැබීමට ඇති හිඟ විශ්‍රාම වැටුප් ලබාගැනීමට උදව්කළ හැකි බව පවසමින් වැඩිහිටියන් සමග මිත්‍රවී ඔවුන්ගේ නිවෙස්වලින් රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් සිව් දෙනෙක් පසුගිය 06 වනදා අත්අඩංගුවට ගත් බවය.

හිඟ විශ්‍රාම වැටුප් ලබාගැනීමට අයදුම්කර සිටි කාන්තාවකගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විශ්‍රාමික අංශයේ නිලධාරීන් බව පවසා තිබේ.

අදාළ පුද්ගලයින්ට විශ්‍රාම වැටුප් සකසාදිය හැකි බවට පවසා එම නිවෙසට ගොස් තිබුණි.

පසුව එම පුද්ගලයින් එම නිවසේ තිබූ පවුම් 05ක් බරැති රන් වළලු 04ක් සොරකම්කර පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දිර්ඝ විර්ශනයක් සිදුකර එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සතුව තිබී වංචාකරන ලද රන් පවුම් 30ක්, මුදලින් රුපියල් 362,500 සොරකම් සඳහා භාවිතකළ යතුරුපැදියක්, ව්‍යාජ රන් භාණ්ඩ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී  අවිස්සාවේල්ල, මාවතගම, පන්නල, නාරම්මල, මල්වතුහිරිපිටිය, දංකොටුව, හෝකන්දර, කොස්ගම සහ ගිරිඋල්ල පොලිස් වසම්වලද මෙවැනි වංචාවන් සිදුකර ඇති බවට අවාවරණය වී තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරදු 40‍, 38, 35 හා 48 වයස්වල පසුවන මිනුවන්ගොඩ, මීගමුව හා දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් ඊයේ (07) දින මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comment
0

Related Posts

Leave a Comment