Home විදෙස් පුවත් වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්

වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්

by Hela news

වසර 116කට පසු චීනයේ වැඩිම හිමපතනය පසුගියදා වාර්තා විය. නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දරුණු හිමපතනය හේතුවෙන් චීනයට ආසන්න මොංගෝලියාවේ පුද්ගල මරණයක් ද වාර්තා වී තිබේ. තවත් 5,600කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ද වාර්තා වේ.

මේ අවදානම් තත්ත්වය ජනතාවට අවබෝධ කර දීමට මොංගෝලියාවේ සහ නැගෙනහිර චීනයේ හිමපතනය සම්බන්ධව රතු නිවේදන 27ක් දැනටමත් නිකුත් කර ඇති අතර, එය හිමපතනයක් සම්බන්ධව එරට නිකුත් කළ වැඩිම රතු නිවේදන ප්‍රමාණය ලෙසත් වාර්තා වේ.

නැගෙනහිර චීනයේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෘණ 14ක් තරම් පහත වැටී ඇති අතර, අධිවේගී මාර්ග සියල්ල හිමෙන් වැසී ගොස් තිබේ. බොහෝ නගරවල බස්රථ සහ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත

0 comment
0

Related Posts

Leave a Comment