Home විදෙස් පුවත් වසර 10කට පසු ගෝලීය ආහාර මිල ඉහළම මට්ටමට

වසර 10කට පසු ගෝලීය ආහාර මිල ඉහළම මට්ටමට

by Hela news

පසුගිය වසරට වඩා 30%කින් වැඩි වෙලා

වසර 10ක කාලය ඇතුළත ලෝක ආහාර මිල ඉහළම මට්ටමට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනය කර ඇත. එය පසුගිය වසරට වඩා 30% ක වර්ධනයක් බවත් සඳහන් වේ.

සැපයුම් අඩාල වීම, ඉහළ භාණ්ඩ මිල ගණන්, කර්මාන්තශාලා වැසී යැම් සහ දේශපාලන ව්‍යාකූලත්වය ගෝලීය ආහාර මිල ඉහළ යැමට තුඩු දුන් කරුණු බවටත් එම සංවිධානය පෙන්වා දී ඇත. පසුගිය වසරට සාපේක්ෂව ධාන්‍ය මිල 22 %කින් වැඩි වී ඇති බවත්, කැනඩාව, රුසියාව සහ අමෙරිකාව වැනි ප්‍රධාන අපනයනකරුවන්ට දුර්වල අස්වනු ලැබීම නිසා පසුගිය මාස 12දී තිරිඟු පිටි මිල 40 %කින් පමණ ඉහළ ගොස් ඇත.

සේවකයන්ගේ අඛණ්ඩ හිඟයත් ආහාර මිල ඉහළ යෑමට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දී තිබේ. මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් කෘෂිකාර්මික විශේෂඥ බාට් වැඩි දුරටත් කියා ඇත්තේ ශ්‍රම හිඟය නිසා ලොව අනෙකුත් රටවලත් ආහාර නිෂ්පාදනය හා ප්‍රවාහන වියදම් ඉහළ නැංවීමට හේතුවක් බවය.

0 comment
0

Related Posts

Leave a Comment