Home ව්‍යාපාර පුවත් වසරේ නැඟී එන අපනයනකරුට හිමි ජනාධිපති සම්මානය- අරාවා සමාගමට,

වසරේ නැඟී එන අපනයනකරුට හිමි ජනාධිපති සම්මානය- අරාවා සමාගමට,

by Hela news

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන අරාවා පෞද්ගලික සමාගම අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධාන කළ ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේදී 2020/21 වර්ෂයේ නැඟී එන අපනයනකරුට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස BMICHහිදී පැවැත් වුණු අතර, එහිදී අරාවා පෞද්ගලික සමාගමේ නිර්මාතෘ ආසිරි ගුරුසිංහ මහතා ජනාධිපතිවරයා අතින් සම්මානය ලබා ගත්තේය.

2013 දී ඇරඹූ අරාවා පෞද්ගලික සමාගම වාර්ෂිකව දේශීය නිෂ්පාදන රැසක් අපනයනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයනකරුවකු බවට පත් වී ඇත. එසේම අරාවා සමාගමට අනුබද්ධව තවත් සමාගම් තුනක්ද අරඹා තිබේ. වර්තමානයේදී අරාවා සමාගම අංග සම්පූර්ණ කර්මාන්ත ශාලා තුනකින් සහ සේවක සේවිකාවන් 350කට අධික සංඛ්‍යාවකින් සමන්විතය. ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ අරාවා සමාගම නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අන්තර්ජාතික තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සැකසීමට පුරෝගාමීව කටයුතු කරයි.

වර්තමානයේදී අරාවා සමාගම දේශීය අමුද්‍රව්‍ය වන කොහු, කොහුබත් සහ ඒ ආශ්‍රිත නිමි භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර මහාද්වීප හයක රටවල් 46කට සාර්ථකව අපනයනය කරයි. සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අරාවා සමාගමේ ප්‍රධාන කාර්යාලය රොස්මිඩ් පෙදෙසේ පිහිටා ඇත. “මේ ජනාධිපති සම්මානය අපගේ ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක්.

අපගේ කණ්ඩායමේ කැපවීම සහ උනන්දුවෙ මේ ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වුණා. ISO, OMRI USDA, ORGANIC සහ GMP තත්ත්ව සහතිකවලින් පිදුම් ලැබූ අප සමාගම නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව පවත්වා ගෙන යෑමට කටයුතු කරනවා. කොහුවලින් ඇරඹූ අපගේ ව්‍යාපාරයේ නිෂ්පාදන වපසරිය පුළුල් කිරීමට අප කටයුතු කළා. අපගේ සියලු නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය සහ තත්ත්ව සහතිකකරණ ආයතනවලින් සහතික කර තිබෙනවා. මේ අවස්ථාවේදී අපගේ කාර්ය මණ්ඩලයට සහ වටිනා පාරිභෝගිකයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමන්න කැමතියි.” ආසිරි ගුරුසිංහ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment