Home දේශීය පුවත් වසරක පාඩුව කෝටි 100යි: දුම්රිය සේවයේ වෙනස්කම් රැසකට දිලුම් සැරසෙයි

වසරක පාඩුව කෝටි 100යි: දුම්රිය සේවයේ වෙනස්කම් රැසකට දිලුම් සැරසෙයි

by Hela news

ම්රිය සේවයෙන් වාර්ෂිකව රුපියල් කෝටි 100ක පමණ අලාභයක් ලබන බැවින් ජනපති හා මුදල් ඇමැතිවරයාගේ උපදෙස් මත ඉදිරියේදී දුම්රිය සේවයේ වෙනස්කම් රැසක් කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි. සේවය පවත්වා ගෙන යෑමට රුපියල් කෝටි 180ක් වැය කිරීමට වෙද්දී ආදායම් ලෙස ලැබෙන්නේ රුපියල් කෝටි 80ක පමණ මුදලක් පමණක් බවත් ඒ මහතා කීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේවන විට දුම්රිය සේවය පවත්වා ගෙන යනු ලබන්නේ මුළුමනින්ම සහන සේවයක් ලෙස යැයිද හෙතෙම පැවසුවේය.

ඉදිරියේදී දුම්රිය භාණ්ඩ ප්‍රවාහන අංශය වැඩි දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් එහිදී වැඩි බරක් සහිත පෙට්ටි වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකි ලෙස දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමට අවධානය යොමුව තිබෙන බවත් අමුණුගම මහතා කීය.

දැනට පවතින දුම්රිය මාර්ග පද්ධතිය එවැනි වැඩපිළිවෙළක් සඳහා සුදුසු මට්ටමක නැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ වසර අවසානයේ නව සුඛෝපභෝගි දුම්රිය දෙකක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඉන් එකක් මහනුවර කොළඹ ධාවනයට එක් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

0 comment
0

Related Posts

Leave a Comment