Home දේශීය පුවත් වසරකට 750,000ක් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා

වසරකට 750,000ක් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා

by Hela news

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විවිධ වැරැදිවලට සම්බන්ධ පුද්ගලයන් 750,000ක් පමණ වසරකට අත්අඩංගුවට පත් වන බව පොලිස් විමර්ශන මඟින් අනාවරණය කෙරේ.

සැකපිට, පහරදීම්, ඝාතන සිද්ධි, බීමත්කම, සොරකම්, රථවාහන වැරැදි, විවිධ අපරාධකරුවන්, පාතාල සම්බන්ධ පුද්ගලයන්, කාන්තා හිංසන, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි සිද්ධි සම්බන්ධයෙන් මේ පිරිස අත්අඩංගුවට ගැනෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණ‘ට ඊයේ (17) පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරෙන අතර, ඇතැම් දෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරිනු ලැබේ. තවත් පිරිසක් දින 14ක කාලයක් දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගත කරනු ලැබේ.

0 comment
0

Related Posts

Leave a Comment