Home දේශීය පුවත් වසං­ගත කාලයේ පැමිණි සංචා­ර­ක­යන් 40,000න් ආසා­දි­ත­යන් වූණේ 270යි

වසං­ගත කාලයේ පැමිණි සංචා­ර­ක­යන් 40,000න් ආසා­දි­ත­යන් වූණේ 270යි

by Hela news

විදෙස් සංචා­ර­ක­ය­න්ගෙන් කොවිඩ් පැතු­රුණු කතා බොරු

ඇමැති ප්‍රසන්න කියයි

කොවිඩ් වසං­ගත කාල සීමා­වේදී මෙර­ටට පැමිණි සංචා­ර­ක­යන් 40,000ක් අතු­රින් කොවිඩ් ආසා­දි­ත­යන් හමුව ඇත්තේ 270 දෙනකු පම­ණක් බව සංචා­රක අමාත්‍ය ප්‍රසන්න රණ­තුංග මහතා ප්‍රකාශ කළේය.

සංචා­රක කර්මා­න්තය නිසා වසං­ග­තය රට තුළ පැතිර යන බවට නැඟෙන චෝදනා ප්‍රති­ක්ෂේප කළ අමා­ත්‍ය­ව­රයා අසත්‍ය ප්‍රචාර තුළින් ජන­තාව නොමඟ නොය­ව­න්නැයි මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක සංග­ම­යෙන් ඉල්ලා සිටි­යේය. මෙර­ටට පැමි­ණෙන සංචා­ර­ක­යන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ දී සංචා­රක මණ්ඩ­ලයේ ඒජ­න්ත­ව­රුන් රැගෙන යන බව­ටත්, පීසී­ආර් පරී­ක්ෂණ හෝ නිරෝ­ධා­යන කට­යුතු අධී­ක්ෂ­ණය කවු­රුන් කරන්නේ දැයි පැහැ­දිලි නොමැති බව­ටත් මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මය කර ඇති ප්‍රකා­ශ­ය­කට පිළි­තුරු දක්ව­මින් සංචා­රක ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය නිකුත් කළ මාර්ගෝ­ප­දේශ අනුව මෙරට සංචා­රක කර්මා­න්තය යළි ආරම්භ වූ අතර ඉන්දි­යන් සංචා­ර­ක­යින් මෙර­ටට පැමි­ණීම සම්බ­න්ධ­යෙන් මුල් කාලයේ දී සීමා පනවා තිබිණි. පසුව එම සීමා ඉවත් කළේ ද සෞඛ්‍ය බල­ධා­රීන්ගේ නිර්දේශ අනු­වයි.

0 comment
0

Related Posts

Leave a Comment