Home උණුසුම් පුවත් වර්ජනය තාවකාලිකව නතර කළත් ඔන්ලයින් ඉගැන්වීම් කරන්නේ නෑ

වර්ජනය තාවකාලිකව නතර කළත් ඔන්ලයින් ඉගැන්වීම් කරන්නේ නෑ

by Hela news

ලංකා ගුරු සංගමයේ ලේකම්

වර්ජනය තාවකාලිකව නතර කර අද (25) සිට ගුරුවරු පාසල්වලට පැමිණියත් ඔන්ලයින් (මාර්ගගත) අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ‘දිනමිණ’ ට පැවසීය.

මේ වනවිට රජයේ පාසල් සියල්ල විවෘත නොකරන නිසා පාසල් දරුවන් අති බහුතරයකගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම නතරවී තිබේ.

ඔන්ලයින් අධ්‍යාපන පහසුකම ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය ස්මාර්ට් දුරකතන, ඩේටා මෙන්ම අදාළ දුරකථන සංඥා (සිග්නල්) නොමැතිවීම නිසා දරුවන්ගෙන් සියයට පනහක් පමණ විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔන්ලයින් අධ්‍යාපනය නතර කිරීමට ගුරුවරු ගත් තීරණය නිසා අධ්‍යාපනය ලබාදීමට තිබූ හොඳම ක්‍රමවේදය අහිමිවයාම නිසා අධ්‍යාපන කටයුතු දින සියයකට අධික කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම බිඳවැටුන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටී.

පවතින තත්ත්වය හමුවේ සියලු පාසල් විවෘත කළත් දරුවන් සියලුදෙනා එකවර පාසල්වෙත කැඳවීම අවධානම් බැවින් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීම අවශ්‍ය යැයි අධ්‍යාපන බලධාරීන්ගේ විශ්වාසය වී තිබේ. නමුත් ගුරුවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන තුරු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ නොකරන බව කියන ගුරු සංගම්වල තීරණය නිසා වසංගතය නිසා සිදු නොවුණ විනාශයක් දරුවන්ටත් රටටත් සිදුකරන බව දෙමව්පිය සංගම් කියා සිටී.

0 comment
0

Related Posts

Leave a Comment