Home ක්‍රීඩා පුවත් වනිඳු ලෝක ශ්‍රේණිගත කිරීමේ තවත් පිම්මක් පනියි

වනිඳු ලෝක ශ්‍රේණිගත කිරීමේ තවත් පිම්මක් පනියි

by Hela news

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ විස්සයි20 නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ලොව තුන් ඉරියව් දක්ෂයන් අතුරින් තෙවැනි ස්ථානය දක්වා උසස් වෙයි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට යද්දී වනිඳු හසරංග තුන් ඉරියව් දක්ෂයන් අතුරින් සිව්වැනි ස්ථානයේ සිටි අතර, සතියක් තුළ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.

වනිඳු හසරංග ශ්‍රේණිගත ලකුණු 173ක් ලබා සිටින අතර, ඔහුට ඉදිරියෙන් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් (ලකුණු 260) දෙවැනි ස්ථානයේ හා ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබී (ලකුණු 265) පෙරමුණේ පසු වෙති. ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් ලොව තුන් ඉරියව් දක්ෂයන් අතර, ස්ථාන 3කින් ඉදිරියට පැමිණ සිව්වන ස්ථානයේ සිටී. ඔහු ලබා ඇති ලකුණු ගණන 165කි.

විස්සයි20 පන්දු යවන්නන් අතර, වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසු වේ. ඔහු පසුගිය වසරේ අගෝස්තු මාසය වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීමේ 52 වැනි ස්ථානයේ සිටි අතර, වසරකදී ඉහළම ප්‍රගතියක් හිමි කර ගත්තේය. වනිඳු ලකුණු 797ක් ලබා සිටින අතර, දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි ලකුණු 784ක් හිමිව ඇත.

විස්සයි 20 පිතිකරුවන් අතර පාකිස්තානයේ බාබර් අසාම් ලකුණු 839ක් ලබා සිටින අතර, දෙවැනි හා තෙවැනි ස්ථානවල පිළිවෙළින් එංගලන්තයේ ඩේවිඩ් මාලන් (ලකුණු 800) හා දකුණු අප්‍රිකාවේ ඒඩෙන් මාර්ක්රාම් (ලකුණු 796) සිටිති.

0 comment
0

Related Posts

Leave a Comment