Home දේශීය පුවත් වනාතවිල්ලුව පොලිසියේ OIC අල්ලස් දැලේ

වනාතවිල්ලුව පොලිසියේ OIC අල්ලස් දැලේ

by Hela news

මුදල් හා ලිංගික අල්ලසක් ගැනීමට උත්සාහ කිරීමේදී වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.එන්.යූ. පතිරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් මඟින් පුත්තලම නගරයේදී ඊයේ (28) අත්අඩංගුවට ගැනිණි.

වනාතවිල්ලුව ප්‍රදේශයේ විවාහක කාන්තාවකගේ පවුලේ ආරවුලක් සමථයකට පත්කොට නීතිමය කටයුතු සිදු කිරීමට සහාය දෙන බව පවසමින් එම කාන්තාවන්ගෙන් මුදලින් රුපියල් ලක්ෂයක් සහ ඇයගෙන් ලිංගිකව අල්ලසක් ලබා ගැනීමට තැත්කිරීම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා වෙයි.

කාන්තාවගේ ප්‍රශ්නය බරපතළ නිසා ඒ සඳහා ඔහු සමඟ හෝටලයකට යෑමට පැමිණියහොත් සිද්ධිය ගැටලුවකින් තොරව අවසන් කර දෙන බවට පොරොන්දු වී ඇයට පුත්තලම නගරයේ හෝටලයක නවාතැන් ගැනීමට ස්ථානාධිපතිවරයා යෝජනා කර තිබේ.

අනතුරුව අදාළ කාන්තාව මේ පිළිබඳ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති අතර ඇය පොලිස්ථානාධිපතිවරයා සමඟ හෝටලයට ඇතුළු වී සිටින අතර තුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පුත්තලම හෝටලයකදී අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව පොලිස් ථානාධිපතිවරයා අල්ලස් විමර්ශන නිලධාරින් පුත්තලම මුලස්ථාන පොලිසියට ගෙන ගොස් ඇත. ඔහු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment