ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්ට්‍රාසෙනෙකා ඉතිරිය සපයා ගැනීමට උදවු කරයි

0
125

ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව දීමට අවශ්‍ය මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උදවු කරනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් මහතා සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ සාකච්ඡාවකදී මේ අදහස් පළ කළ බව ජනාධිපති කාර්යාලය කියයි.

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව දීමට ලොව පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ඇති බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් දීම කළ යුතු බව දෛනිකව රැස් වෙන කොවිඩ් කමිටුව සමඟ අද ජනාධිපති කාර්යාලයේදී ඊයේ (7) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රෝගය පැතිර යෑමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්‘ එන්නත දීම  ආරම්භ කෙරිණ. චීනයෙන් ලැබුණු ‘සයිනොෆාම්‘ එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇත. රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට ‘සයිනොෆාම්‘ එන්නත සාර්ථකව දී තිබේ. එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් දීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. පළමු එන්නත ගත් පිරිසට ‘ඇස්ට්‍රාසෙනෙකා‘ එන්නතෙහි දෙවැනි මාත්‍රාව දීම කෙරෙමින් පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here