ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ්-19 ප්‍රභේද නම් කිරීමේ නව ක්‍රමවේදයක්

0
217

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් 19 ප්‍රභේද නම් කිරීමේ නව ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කරයි. ඉදිරියේදී එම සංවිධානය ග්‍රික අකුරු භාවිත කරන්නේ බ්‍රිතාන්‍ය දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව වැනි රටවලින් ප්‍රථමවරට අනාවරණයවු කොවිඩ් ප්‍රභේද සදහා පමණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ප්‍රභේදය ඇල්ෆා ලෙසත් දකුණු අප්‍රිකානු ප්‍රභේදය බීටා සහ ඉන්දියානු ප්‍රභේදය ඩෙල්ටා ලෙසත් නම් කර ඇත. එම සංවිධානය පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍රභේද නම් කිරීමේදී සිදුවන අපකීර්තිය ඉවත් කිරීමට මෙය උපකාරි වන බවයි.

ඉන්දියාවෙන් හදුණා ගැනෙනු කොවිඩ් ප්‍රභේදය ඉන්දියානු ප්‍රභේදය ලෙස නම් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල විය. එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රධානී මාරියා වැන්ග් කෙර්කොව් ප්‍රකාශ කරන්නේ නව කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් කිසිදු රටක් අපකීර්තියට පත් නොවිය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here