Home දේශීය පුවත් ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදයි

by Hela news

ලෝක සංචාරක දිනය අදට (28) යෙදී තිබේ. ‘අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය’ යන්න මෙවර එහි තේමාව වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක සංචාරක දින ජාතික සැමරුම් උළෙල හපුතලේ දී පැවැත්වෙන අතර ඌව පළාත් සභාව විසින් එය සංවිධානය කරයි.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර පවතින තත්ත්වය හේතුවෙන් උත්සව සංවිධානය කිරීම සීමා කර තිබේ.

ගෝලීය වසංගත තත්ත්වයක් පවතින මොහොතක මෙවර ලෝක සංචාරක දිනය සමරන අතර වී තිබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අන් කවරදාටත් වඩා තීරණාත්මක අවස්ථාවකට එළැඹ තිබෙන අතර වත්මන් ලෝක වසංගත තත්ත්වය හමුවේ ලොව සෑම රටකම සංචාරක කර්මාන්තය බිඳවැටී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment