Home ක්‍රීඩා පුවත් ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරග බිමට ගුවන් හමුදාවෙන් 7ක් යති

ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරග බිමට ගුවන් හමුදාවෙන් 7ක් යති

by Hela news

35 වැනි ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉරානයේ ටෙහ්රාන් නුවර බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයන් සිව්දෙනකු මේ තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර, තරගාවලිය අද (19) සිට 26 දක්වා පැවැත්වේ.

උදාර ප්‍රනාන්දු (කි.ග්‍රෑ. 61), ලක්මාල් විජේසූරිය (කි.ග්‍රෑ. 74), නිෂාන් වල්පිට (කි.ග්‍රෑ.92) සහ රුවන් කල්යාන (කි.ග්‍රෑ.125) බර පන්ති යටතේ තරගාවලියට එක් වී සිටිති. මල්ලවපොර කණ්ඩායමේ ප්‍රධාන නිලධාරී ලෙස එයාර් කොමදෝරු උදුල විජේසිංහ, කණ්ඩායම් නායකයා ලෙස ගෘෘප් කපිතාන් එරන්දික ගුණවර්ධන සහ ප්‍රධාන පුහුණුකරු විජේසිරි ප්‍රනාන්දු මහත්වරු ද කණ්ඩායමට ඇතුළත් වෙති.

පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී මල්ලවපොර කණ්ඩායම හමු වූ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සිය සුබ පැතුම් එක් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment