Home විදෙස් පුවත් ලොව වේගවත්ම විදුලි ගුවන් යානය අත්හදා බලයි

ලොව වේගවත්ම විදුලි ගුවන් යානය අත්හදා බලයි

by Hela news

රොල්ස් රොයිස් සමාගම නිපදවූ සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් ලොව වේගවත්ම විදුලි ගුවන් යානය ලෙස හඳුන්වා දී තිබේ. ස්පිරිට් ඔෆ් ඉනොවේෂන් නමින් හැඳින්වෙන මේ ගුවන් යානය පරීක්ෂණ ගමන්වාර වල දී පැයට කිලෝ මීටර් 623ක වේගයක් වාර්තා කර තිබේ. එකිනෙකට වෙනස් ගමන් දුර තුනක දී ස්පිරිට් ඔෆ් ඉනොවේෂන් යානය ලෝක වාර්තා තබා ඇත. ලෝක ගුවන් ක්‍රීඩා සම්මේලනයට මේ වේග වාර්තා විමර්ශනය සඳහා යවා ඇත. පරීක්ෂණ ගමන් වාර පවත්වා ඇත්තේ විල්ට්ෂයර්හි ඇමෙස්බරි හි බොස්කොම් ඩවුන් නම් ස්ථානයේ ය. ඉහළම වේගය වාර්තා කර ඇත්තේ පරීක්ෂණ ගුවන් නියමුවකු සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයකු වන ෆිල් ඔඩෙල් විසිනි.

0 comment
0

Related Posts

Leave a Comment