ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 35 ලක්ෂ 50 දහසකට ආසන්න වෙයි

0
245

ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් හාර ලක්ෂ 69 දහස් 991 ක් වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එය එක් ලක්ෂ 74 දහස් 41 ක් ලෙස සටහන් වේ. බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 78943 කි. අමෙරිකාවෙන් ආසාදිතයන් 9950 ක් වාර්තා වී තිබේ. ප්‍රංශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10675 කි. ආජන්ටිනාවෙන් ආසාදිතයෝ 29841 ක් වාර්තා වුහ. කොලොම්බියාවෙන් වාර්තා වු ආසාදිතයන් සංඛ්‍යාව 20494කි.

ගත වු පැය 24 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 10134 ක් වාර්තාව වී තිබේ. වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත. එය 3614 ක් ලෙස සටහන් වෙයි. බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ 1886 ක් වාර්තාවී ඇත. කොලොම්බියාවෙන් වාර්තා වි ඇති මරණ සංඛ්‍යාව 540 කි. නේපාලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇත. ගත වු පැය 24 තුළ එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 116 කි.

ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 35 ලක්ෂ 47 දහස් 303 ක් දක්වා ඉහළ ගොස් ඇත. වැඩිම මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වෙයි. හය ලක්ෂ 9264 ක් ලෙස එය සටහන් වෙයි. ඉන්දියාවෙන් කොවිඩි ආසාදිත මරණ 03 ලක්ෂ 25998 ක්ද, බ්රසීලයෙන් කොවිඩ් ආසාදිත මරණ හාර ලක්ෂ 61057 ක් ද රුසියාවෙන් කොවිඩ් ආසාදිත මරණ එක් ලක්ෂ 20 දහස් 807 ක් ද වාර්තා වි ඇත. ප්‍රංශය මහා බ්‍රිතාන්‍ය ඉතාලිය මෙක්සිකෝව යන රටවලින්ද ලක්ෂයකට අධික කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී තිබේ.

පවතින තත්ත්වය ඉදිරි මාස දෙක තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදිමේ වැඩපිළිවෙලද ලොව පුරා ක්‍රියාත්මකය. අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අවම වීම කෙරෙහි එම එන්නත් වැඩපිළිවෙල හේතු වී තිබේ. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩුවුවද එරට සිදුවන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට නොමැත. ශ්‍රි ලංකාව, නේපාලය, බංගලාදේශය හා පකිස්තානය යන රටවල ද කොවිඩ් ආසාදිතයන් වර්ධනය විමේ ප්‍රවනතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here