Home විදෙස් පුවත් ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සහ මරණ යළිත් ඉහළ ට

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සහ මරණ යළිත් ඉහළ ට

by Hela news

කොවිඩ් වසංගතය අවසන් බවට බොහෝ දෙනා සිතා සිටියත් තවමත් ගතවන්නේ එහි මැද අවධිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

එසේම ලොවපුරා කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණය ක්‍රියාත්මක වෙමින් පැවතියත් මේ වනවිට කොවිඩ් මරණ හා ආසාදිතයින්ගේ යළි ඉහළ යාමක් රටවල් රැසකින් වාර්තාවෙයි.

වර්ල්ඩොමීටර්ස් වෙබ් අඩවියේ දත්තවලට අනුව ඊයේ (06), 2,102 ක් වූ ලොව වැඩිම කොවිඩ් මරණ හා එක්ලක්ෂ හත්දහසකට වැඩි ලොව වැඩිම ආසාදිතයින් අමෙරිකාවෙන් වාර්තා විය.

රුසියාවෙන් ඊයේ කොවිඩ් මරණ 929 ක් වාර්තා වෙද්දී ආසාදිතයින් 25,000කට වැඩියෙන් හඳුනාගෙන තිබුණි.

මෙක්සිකෝවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 790 ක් දක්වා ඉහළ යද්දී ආසාදිතයින් 7,000කට වැඩියෙන් වාර්තා විය.

බ්‍රසීලයෙන් ගෙවුණු දිනයේ කොවිඩ් මරණ 543 ක් හා ආසාදිතයින් 18,000 ඉක්මවා යළි වාර්තා වීම විශේෂත්වයකි.

ආසාදිතයින්ගේ ඉහළ යාමක් සමග රුමේනියාවෙන් 328ක්,යුක්රේනයෙන් 320ක්,ඉන්දියාවෙන් 315ක් හා තුර්කියෙන් මරණ 236 ක් ලෙස කොවිඩ් මරණ වාර්තා වී තිබෙන අතර එම රටවල මීට පෙර පැවති දත්ත සමග සැසඳීමේදී මෙය විශාල ඉහළ යාමකි.

බ්‍රිතාන්‍යයෙන් පවා කොවිඩ් ආසාදිතයින් 39,000 ඉක්මවා ඊයේ වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 143කි.

කොවිඩ් වසංගතය අවසන් බවට බොහෝ දෙනා සිතා සිටියත් තවමත් ගතවන්නේ එහි මැද අවධිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ මෙවන් පසුබිමකය.

0 comment
0

Related Posts

Leave a Comment