Home කාලීන පුවත් ලොක්ඩවුන් නොතකා තලවාකැලේ ත්‍රීවීල් හයර් යයි

ලොක්ඩවුන් නොතකා තලවාකැලේ ත්‍රීවීල් හයර් යයි

by Hela news

ඇදිරි නීතිය කැඩූ ත්‍රිරෝද රිය හා යතුරුපැදි වලින් පොලිසිය පිරේ

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය උල්ලංඝනය කරමින් තලවකැලේ නගරය හරහා නිසි අවසර බලපත්‍රයක් නොමැතිව ධාවනය කල ත්‍රිරෝද රථ 18 ක් සහ යතුරුපැදියක් තලවකැලේ පොලිසිය භාරයට ගෙන ඇත.

එම ත්‍රිරෝද රථවල සහ යතුරුපැදියේ ගමන්ගත් යතුරුපැදිකරු නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරය හරහා ත්‍රිරෝද රථවල මගින් නංවාගෙන ගිය බවත්,එම අවස්තාවේ තලවකැලේ නගරයේ රාජකාරි කරමින් සිටි තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් එම ත්‍රිරෝද රථවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුදා හැර ඇත.

නිරෝධායන නිතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ 18 සහ යතුරුපැදියේ රියදුරන්ට එරෙහිව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත්, අධිකරණ නියෝග මත පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථ සහ යතුරුපැදිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

0 comment
0

Related Posts

Leave a Comment