Home උණුසුම් පුවත් ලිංගික අල්ලස් ගන්නා පොලිස් ලොක්කන් ගැන අනාවරණයක්

ලිංගික අල්ලස් ගන්නා පොලිස් ලොක්කන් ගැන අනාවරණයක්

by Hela news

පොලිස් ඇමැති උසස්වීම් ගත්ත ලොක්කන්ට වැඩ වැඩි කරයි

අල්ලස් සහ ලිංගික අල්ලස් ගන්නා පොලිස් ස්ථානාධිපතිවරුන් බුද්ධි අංශ යොදවා කොටු කරගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මෑතකදී උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරුන් ට උපදෙස් දී ඇත.

“සාමාන්‍යයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙක්ට පොලිස් ස්ථාන තුනක් පමණ අධීක්ෂණයට ලැබෙනවා. ඒ යටතේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරයෙක්, නිලධාරීන් අල්ලස් ගන්නවනම් ලිංගික අල්ලස් ගන්නවා නම් වෙනත් දූෂණ වැඩ වල යෙදෙනවා නම් ඕගොල්ලොන්ගේ බුද්ධි අංශ යවලා ඒ අයට විරුද්ධව ක්‍රියා කරන එක ඔබලාගේ යුතුකමක්. එසේ නොකර අපේ බුද්ධි අංශ යොදවලා යම් ස්ථානාධිපතිවරයෙක් නිලධාරී‍‍‍‍‍යෙක් අපිට අනාවරණය වුනොත් ඔවුන් භාරව සිටින සහකාර පොලිස් අධිකාරීවරයාට විරුද්ධව කටයුතු කරනවා“ යැයි ඇමතිවරයා මෙහිදී කියා ඇත.

“උසස්වීම් ලැබුන වගේම වෙනත් පහසුකම් ලැබෙනවා වගේම වගකීම්ද වැඩි වෙනවා. තමාගේ යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ සුභසාධනය ද බලන්න ඕනේ. ඒකත් ඉතාම වැදගත් දෙයක්. බොහෝ පොලිස් ස්ථානවලට මම ගියා. බොහෝ තැන් වල පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය බලන ආකාරයක් මට පෙනුණේ නෑ. පැය 8කට එහා රාජකාරි කරන අපේ නිලධාරීන්ට තමන්ගෙ පොලිස් ස්ථානයට ඇවිල්ලා හොඳට ඇඟපත හෝදගෙන නිදා ගන්න පුළුවන් තැනක් සකසලා තියෙනවා නම් ඒක තමයි සුභසාධනය කියන්නේ. ඒ නිසා ඔවුන් පරිහරණය කරන වැසිකිලිය, නාන කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමරය සහ කාර්යාලය හොඳට තියෙන්න ඕනේ. සුභසාධනය හොඳට තිබ්බොත් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි වුනොත් තමයි ඉතාම උසස් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

0 comment
0

Related Posts

Leave a Comment