Home ගොසිප් පුවත් ලිංගික අපරාධ…

ලිංගික අපරාධ…

by Hela news

නීතිය එළියයි” (Law is Light) යනු නීතිය පිළිබඳ දැනුම බෙදාහරිනු වස් සිදුකරනු ලබන ත්‍රිභාෂික නෛතික සාකච්ඡාමාලාවකි. නීතිය පිළිබඳ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවන බව “Ignorantia legis neminem excusat” යන  ලතින් ආප්තය මගින් කියවේ. ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංසදයේ සමාජ සුභසාධක කමිටුව විසින් අප රටේ නීතිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුල සරල දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරනු ලැබේ. ඒ අනුව පවත්වන ලද සිව්වන සාකච්ඡාමාලා, “ලිංගික අපරාධ” පිළිබඳ අවධානය යොමුකරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා සම්පත් දායකත්වය ලබාදුන් නීතිඥවරුන් :

අපරාධ සහ සිවිල් නීති ක්‍ෂේත්‍රයේ කටයුතු කරනු ලබන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සහ Royal Institute හි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නීතිඥ සීවලී අමිතිරිගල මහතා, CFPS නීති අධ්‍යයන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ නීති ප්‍රවේශ විභාග දේශක නීතිඥ අස්තික උපුල් දේවේන්ද් මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය නීතිඥ ශාන්ති සේගරාජසිංහම් මහත්මිය.

ස්ත්රී දූෂණය වරදකදී කැමැත්ත (consent) යන්නෙන් අදහස් කරන්නේ කුමක්දඋසාවියේදී පිළිගැනීමට ලක් නොවන්නේ කුමන ආකාරයේ කැමැත්තක්ද?

A – දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ලිංගික අපරාධ නම්, ස්ත්‍රී දූෂණය (363 වගන්තිය), ව්‍යභිචාරය (364A වගන්තිය), අස්වාභාවික වැරදි (365 වගන්තිය), පුරුෂයන් අතර තදබල අශෝභන ක්‍රියා (365A වගන්තිය), බරපතල ලිංගික අපයෝජනය (365Bවගන්තිය) සහ රජයේ සේවකයෙකුට සාපරාධි බලහත්කාරය පෑම (344 වගන්තිය). එහි ස්ත්‍රී දූෂණය පිළිබඳ වරද නිර්වචනය කර ඇති ආකාරයට ස්ත්‍රී දූෂණය යනු පුරුෂයා කාන්තාවගේ කැමැත්තෙන් තොරව (එකඟතාවයෙන් තොරව) කාන්තාවක් සමඟ ලිංගික සංසර්ගයෙහි යෙදීම වන බවයි.

ස්ත්‍රී දූෂණය කිරීමේ වරදකදී එකඟ නොවීම අත්‍යවශ්‍ය අංගයක්. වින්දිතයාගෙන් කැමැත්ත ලබා ගතමුත් නෛතිකව විවිධ හේතූන් මත එය කැමැත්තක් ලෙස සුදුසුකම් නොලබනවා. නිදසුනක් ලෙස, නීත්‍යානුකූල හෝ නීති විරෝධී ලෙස පුද්ගලයෙකු රඳවා තබාගෙන සිටින ඔබ එම පුද්ගලයාගේ කැමැත්ත ලබා ගැනීමට බලය භාවිතා කරන්නේ නම්, එවැනි අවස්ථාවක දක්වන එකඟතාවයක් නීතියට අනුව එකඟවීමත් ලෙස සලකන්නේ නැහැ. තැතිගැන්වීමෙන්, බලහත්කාරයෙන් තර්ජනය කිරීමෙන් හෝ මරණීය හා හිංසාකාරී භීතියට පත්කිරීමෙන් ඔබ යමෙකුගෙන් එකඟතාව ලබාගනී නම්, එය බියගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් ලබාගත් එකඟතාවයක් ලෙස සැලකෙනවා. එනම්, එම කැමැත්ත ලිංගික සංසර්ගය සඳහා වන කැමැත්ත ලෙස සැලකෙන්නේ නැහැ. අනෙක් අතට, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්වී ඇති පුද්ගලයෙකුගෙන් සහ අපරාධකරු විසින් මත්ද්‍රව්‍ය ලබාදී මත්භාවයට පත්කර ඇති පුද්ගලයෙකුට මත්වීම නිසාම කැමැත්ත ලබාදීමට තරම් නිරවුල් මනසක් නොමැති වීමෙන් කැමැත්ත ලබා දීමට හැකියාව නැහැ. මෙවැනි තත්වයක් තුළ, ලබාදෙන්නා වූ එකඟතාවයක් නීතිය යටතේ නෛතික කැමැත්ත ලෙස සලකන්නේ නැහැ. බාල වයස්කරුවන් වීම මත ලිංගික ක්‍රියාකාරකම් සඳහා එකඟතාව දැක්වීමට හැකියාව නොමැති පුද්ගලයින් විසින් ලිංගික සංසර්ගයෙහි යෙදෙන අවස්ථාවන්ට නිදසුන් අපට දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ලිංගික ක්‍රියාකාරකම් සඳහා එකඟතාව දැක්විය හැකි වයස ලෙස සලකන්නේ වයස අවුරුදු 16 යි. ඔබ 16 ට අඩු නම් ඔබ කැමැත්ත ඒ සඳහා දැක්වූවද එය නීතියට අනුව වලංගු එකඟතාවයක් ලෙස සලකන්නේ නැහැ.

වෙනත් වචන වලින් කිවහොත්කැමැත්තපුද්ගලයා ස්වකැමැත්තෙන් ලබාදෙනක් විය යුතුයි?

A – ඇත්තවශයෙන්ම නිවැරදියි. එය, ස්වකැමැත්ත, අව්‍යාජ එකඟතාවය, අවබෝධය, ඇය කුමන ආකාරයේ ක්‍රියාකාරකමකට සම්බන්ධ වන්නේද යන්න පිළිබඳ නිවැරදිව වටහාගැනීම යනාදී කාරණා සම්බන්ධව කැමැත්ත ලබාදීමට පෙර සිතින් මෙනෙහිකර ලබාදිය යුතු දෙයක්.

උදාසීන කැමැත්ත (passive consent) සහ කැමැත්ත යනු කුමක්ද සහ මේ දෙක අතර වෙනස ඔබට පැහැදිලි කළ හැකිද?

A – ඉනොකා ගාල්ලගේ එදිරිව කමල් අද්දරච්චි නඩුවේදී, ගරු විනිසුරු අශෝක ද සිල්වා විසින් රාඕ හරිනේරියන් එදිරිව රජය යන නඩු තීන්දුව උපුටා දක්වමින්, “නොවැළැක්විය හැකි බල කිරීමකදී විරෝධය නොදැක්වීම හෝ පීඩනයෙන් හා බියෙන් තැති ගැන්වූ විට උදාසීනව සිටීම නීතියෙන් තේරුම් ගත් පරිදි එකඟතාවයක් ලෙස සැලකිය නොහැකි බවත්, ස්ත්‍රී දූෂණ චෝදනාවකදී ආත්මාරක්‍ෂාව සඳහා ස්ත්‍රියකගේ කැමැත්ත හැඟවීමේදී අවශ්‍ය වන්නේ, ප්‍රතිරෝධය සහ එකඟතාවය අතර තේරීමේ සදාචාරාත්මක ගුණාත්මක භාවයේ වැදගත්කම පිළිබඳ දැනුම මත පදනම්ව බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් පසුව පමණක් නොවන බවයි. භීතියේ හෝ තර්ජනයේ බලපෑමට යටත්ව ඇයගේ සිරුර ලබාදීම එකඟ වීමක් නොවේ. කැමැත්ත පිළිබඳ ප්‍රශ්නය අර්ථ දැක්වෙන්නේ ප්‍රකාශිත සහ හඟවන ලද එකඟතාව ලෙස යි.” උදාසීන කැමැත්ත ප්‍රකාශිත හෝ හඟවන ලද කැමැත්තෙන්  පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකියි.

ස්ත්රී දූෂණයට ඇති දඬුවම කුමක්ද?

U – අවම දඬුවම අවුරුදු 7 ත් 20 ත් අතර වෙනවා. රජයේ නිලධාරියෙකු විසින් සිය අධිකාරිය උපයෝගී කරගනිමින් සිදුකරන ස්ත්‍රී දූෂණ හා ගැබිනි කාන්තාවක්, වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමයෙක්, මානසික අස්ථායි බවකින් යුත් කාන්තාවක් දූෂණය කිරීම හෝ පිරිසක් විසින් සිදුකරනු ලබන ස්ත්‍රී දූෂණය යන වරදවල් සඳහා දඬුවම අවුරුදු 10ට වැඩි හා 20ට අඩුවේ. තහනම් සම්බන්ධතා ඇති පුද්ගලයින් අතර ස්ත්‍රී දූෂණයක් සිදුවුවහොත් වසර 15 කට වැඩි 20 ට අඩු දඬුවමක් නියම වේ.

ශ්රී ලංකාවේ නීතියට අනුව පිරිමියෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවකට වගකිම පැවරිය හැකි අවස්ථාවක් තිබේද?

A – දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තියට අනුව වරද කර ඇත්තේ පුරුෂයෙකු විසින් ස්ත්‍රියකට වන බව පැහැදිලියි. එම අර්ථ දැක්වීමේ සන්දර්භය තුළ එය ස්ත්‍රියක් විසින් පුරුෂයකු දූෂණය කිරීමක් පිළිබඳ ප්‍රකාශ කරනු ඇතැයි මම සිතන්නේ නැහැ.

විවාහයක් තුළ සිදුවන ස්ත්රී දූෂණය ශ්රී ලංකාවේ අපරාධයක්ද?

A – සමකාලීන අපරාධ නීතියට අනුව, විවාහයක සිදුවන ස්ත්‍රී දූෂණය, සංකල්පමය වශයෙන් අපරාධයක් බවට පත්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 363A වගන්තිය යටතේ අධිකරණ වෙන්වීමේ තීන්දුවක් ලබා දී ඇති අවස්ථාවක පමණයි.

නමුත් විවාහ දූෂණය පිළිබඳ සංකල්පය ජාත්යන්තරව පිළිගැනීමට ලක් වෙනවා නේද?

A – එය බොහෝ නීති පද්ධති තුළ පිළිගත් සංකල්පයක්. කාලයත් සමඟ ඒකාකෘතිකරණය ද වෙනස් විය හැකි අතර මෙම වරදෙහි සමහර අංග අපගේ නීති සම්පාදකයින්ට පැහැදිලි කළ යුතු යැයි මම සිතනවා.

ස්ත්රී දූෂණ අපරාධයට ලබා දෙන දඬුවම් පිළිබඳව මහජනතාව දැනුවත් කළ හැකිද?

A – දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියේ සඳහන් වන්නේ, ‘දූෂණයට ලක්වන ඕනෑම අයෙකුට අනු වගන්ති 2 සහ 3 හි දක්වා ඇති අවස්ථා හැරුණු විට, වසර 7 කට නොඅඩු හා අවුරුදු 20 නොඉක්මවන සිරදඩුවමකින් සහ දඩයකින් දඬුවම් කළ හැකි අතර වින්දිතයාට සිදු වූ හානිය සම්බන්ධයෙන් වරද සිදුකළ පුද්ගලයෙකුට අධිකරණය විසින් තීරණය කරන ලද මුදලකට වන්දි ගෙවීමට නියෝග කළ යුතු බවයි.

ආයතනික ස්ත්රී දූෂණය” යන්නෙහි තේරුම ඔබට පැහැදිලි කළ හැකිද?

A – චූදිතයා ආයතනයක අධිකාරී තනතුරක සිටින විට සහ වින්දිතයා ආයතනිකකරණය කර ඇති අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එවැනි වින්දිතයෙකු දූෂණය කළහොත් ආයතනික ස්ත්‍රී දූෂණයක් ලෙස හඳුන්වනවා.

U – බලධාරියා විසින් කැමැත්ත ලබා ගත් විට පවා එය වලංගු එකඟතාවයක් වෙන්නේ නැහැ.

බරපතල ලිංගික අපයෝජනය කුමක්ද යන්න පිළිබඳව මහජනයා දැනුවත් කළ හැකිද?

A – දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 365B මගින් අර්ථ දක්වන්නේ, ලිංගික තෘප්තිය සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ ලිංගික අවයව හෝ මිනිස් සිරුරේ වෙනත් කොටසක් හෝ කිසියම් උපකරණයක් භාවිතා කිරීමෙන් බරපතල ලිංගික අපයෝජනය සිදු කරන බවයි. පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව හෝ, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 16 ට අඩු විට කැමැත්ත ඇතිව හෝ කැමැත්ත රහිතව, නීත්‍යානුකූල භාරයේ හෝ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටියදී එම පුද්ගලයාගේ කැමැත්ත ඇතිව හෝ බලහත්කාරයෙන් හෝ බිය ගැන්වීම, තර්ජනය කිරීම හෝ මරණයට හෝ හානි කිරීම පිළිබඳ බිය ඇති කිරීමෙන් කැමැත්ත ලබාගෙන ඇති විට, අනෙක් පුද්ගලයා පැහැදිලි මනසකින් නොසිටින විට හෝ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මත්ව සිටින අවස්ථාවක කැමැත්ත ලබාගෙන ඇති විටදී ස්ත්‍රී දූෂණ වරද යටතට වැටෙන්නේ නැහැ.

සමූහ දූෂණයකදී නීතිය එයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් කරන්නේ කෙසේද?

A – සමූහ දූෂණයට සම්බන්ධ බවට ඉදිරිපත් කරනු ලබන සියලුම පුද්ගලයින් සමූහ දූෂණයට සම්බන්ධ බවට සාක්ෂි තිබේ නම් හා එම සාක්ෂි තහවුරු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලබනවා. හුදෙක් එම ස්ථානයේ සිටි සහ ක්‍රියාශීලීව සහභාගී නොවූ චූදිතයන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු සිටී නම් ඔවුන් සමූහ දූෂණයට වැරදිකරුවන් වෙන්නේ නැහැ.

පූර්ණ අසභ්යතාවය යනු කුමක්ද?

A – 365A වගන්තිය අනුව පුද්ගලයෙකු විසින් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව සිදුකරන හෝ කොමිස් මුදල ලබා ගැනීමට හෝ කොමිස් දීමට කිසියම් අශෝභන ක්‍රියාවක් සිදුකරයි නම් වරදකාරයෙක් වේ. පූර්ණ අවිනීතභාවය ප්‍රසිද්ධියේ හා පෞද්ගලිකව කළ හැකියි. යම් පුද්ගලයෙක් විනීතභාවයේ සම්මතයන්ට පටහැනිව ක්‍රියා කිරීම අශෝභන ලෙස හැසිරීමට උදාහරණයක්.

ව්යභිචාරය යනු කුමක්දඑයට ඇති දඬුවම කුමක්ද?

A – ලේ ඥාතීත්වය මත පැවත එන්නන් හෝ දරුකමට හදාගත් දෙමාපියන්, මිණිබිරියන් හෝ සහෝදර සහෝදරියන් අර්ධ ලේ ඥාතීත්වයක් ඇති සහෝදරයෙකු හෝ සහෝදරියක් අතර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ව්‍යභිචාරය ලෙස හඳුන්වනවා. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 364A වගන්තියෙහි හි දක්වා තිබෙනවා. මෙම පාර්ශවයන් අතර සිදුවන ලිංගික සම්බන්ධතා ව්‍යභිචාරය යටතේ  අවුරුදු 7 කට නොඅඩු හා අවුරුදු 20 නොඉක්මවන සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම වීමෙන් දඬුවමට භාජනය වෙනවා.

නීතිය මගින් වින්දිතයා ආරක්ෂා කරනු ලබන්නේ කෙසේද?

U – කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනමම කාර්යාංශ පිහිටුවා ඇති පොලිස් ස්ථාන අපට තිබෙනවා. කාන්තා නිලධාරිනියක සමඟ කතා කිරීමට හැකිවීමෙන් වින්දිතයාට සහනයක් දැනෙනවා. නඩුව විභාග වන විට, දරුවාගේ වීඩියෝ සාක්ෂියක් ඉදිරිපත් කළ හැකියි. නඩු විභාගය ඊට සම්බන්ධ පුද්ගලයින් පමණක් සහභාගිත්වයෙන් කැමරා මගින් සිදුකළ හැකියි.

පිරිමින්ට එරෙහිව කාන්තාවන් කරන අසත්‍ය චෝදනා පිළිබඳව අප දැනුවත් විය යුතුයි. මෙම ක්‍රියාව පුරුෂයා හා ස්ත්‍රියගේ සහභාගීත්වයෙන් පමණක් සිදුවන්නක් බැවින් අසත්‍ය චෝදනා හඳුනාගැනීම ඉතා දුෂ්කර තත්වයක්.

අපරාධ වින්දිතයන් හා සාකෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මගින් වින්දිතයාට මානසික කම්පනයකට මුහුණ දීමට සිදුවුවහොත් වන්දි සහ ආධාර ලබා දෙනවා.

නඩුවක් ගොනු නොකරන ලෙස හෝ සාක්ෂි නොදෙන ලෙසට වින්දිත කාන්තාවක් තර්ජනයට ලක්විය හැකියි. එවැනි අවස්ථාවකදී දඬුවම බරපතල වන අතර ඇප ලබා ගත හැක්කේ විශේෂ හේතු මත අභියාචනාධිකරණයේදී පමණයි.

0 comment
0

Related Posts

Leave a Comment