Home කාලීන පුවත් ලංකාවට ගෙන්වන ඔක්සිමීටර වලට සිදුවන්න යන දේ

ලංකාවට ගෙන්වන ඔක්සිමීටර වලට සිදුවන්න යන දේ

by Hela news

ඔක්සිමීටර් සඳහා රුපියල් 3000ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තීරණය කර ඇත.

අමාත්‍යවරයා සදහන් කළේ ඊට අදාළ ගැසට් පත්‍රය ළඟදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මීට අමතරව ඔක්සිමීටර් සහ ස්වයංක්‍රීය උෂ්ණත්වමාන මෙරටට ගෙන්වීමට අවසර දීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙසත් රාජ්‍ය ඇමතිවරයා නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ

0 comment
0

Related Posts

Leave a Comment