රෙඩ් ස්ටාර් පිලට 6-0ක දැවැන්ත ජයක්

0
60

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ පැවැති තරගයකදී රෙඩ් ස්ටාර් පිල ගෝල් 6-0ක දැවැන්ත ජයක් ලබයි.

කොළඹ සුගතදාස පිටියේ පෙරේදා විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයේදී ප්‍රබල බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව) පිල පරාජයට පත් විය. මෙයට පෙර පැවැති බ්ලූස්ටාර් සමඟ තරගයේදී ද රෙඩ් ස්ටාර් පිල ගෝල් 4-2ක ජයක් සමඟින් ස්ථාවර තත්ත්වයක පසු විය. බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව) සමඟ පැවැති තරගයේ පළමු භාගයේදී ගෝල් 3-0ක් වූ අතර, එහිදී මොහොමඩ් ෆර්හාන්, ඇන්ඩෘ දිලක්ෂන හා මොහොමඩ් රිස්ලාන් ගෝල් වාර්තා කළහ. විදෙස් ක්‍රීඩක ඕ.අයි. අබුමේරි දෙවැනි භාගයේදී තවත් ගෝල් ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වීමෙන් තරගයේ සියලු වාසි රෙඩ් ස්ටාර් සතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here