Home කාලීන පුවත් රුසියා – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන් අතර හමුවක්

රුසියා – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන් අතර හමුවක්

by Hela news

පසුගියදා රුසියාවේ නිල සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක ඇමැති සර්ජි ෂොයිගු මහතාගේ ආරාධනයකට අනුව, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස රුසියාවේ නිරත වූ නිල සංචාරයේ දී, රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි ප්ලැටනොවිච් පට්රුෂෙව් මහතා හමුවූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙම හමුව සුහදශීලී වාතාවරණයක් තුළ පවත්වා තිබෙන අතර හමුදා – තාක්‍ෂණික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.

රුසියාවේ ආරක්ෂක මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ අදාළ ආයතන හරහා දෙරට අතර අන්තර් සබඳතා තීව්‍ර කිරීම පිළිබඳ තම අරමුණ දෙපාර්ශ්වය යළි තහවුරු කර තිබේ.

වසර 60 කට අධික කාලයක් තිස්සේ දෙරටේ ජනතාව සහ රජයන් අතර පැවති මිත්‍රත්වය පිළිබඳ අවධාරණය කළ ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, අන්තර් ජාතික තලයේ සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන නොසැලෙන සහයෝගය වෙනුවෙන් රුසියාවට ස්තූතිය පළකර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment