Home කාලීන පුවත් රිෂාඩ් වෛද්‍යවරයකුට මරණ තර්ජන කිරීම: විමර්ශන වාර්තාව බන්ධනාගාර උසාවියට

රිෂාඩ් වෛද්‍යවරයකුට මරණ තර්ජන කිරීම: විමර්ශන වාර්තාව බන්ධනාගාර උසාවියට

by Hela news

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෛද්‍යවරයකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළ පරික්ෂණයේ වාර්තාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමට තීරණය කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ නියෝගය මත, සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු යොදවා කළ පරීක්ෂණ වාර්තාව ස්වාධීන තීරණයක් දීම සඳහා මහේස්ත්‍රාත්වරයකුගෙන් සමන්විත බන්ධනාගාර වින්ශ්චය මන්ඩලය වෙත කඩිනමින් ඉදිරපත් කරන බවයි.

බන්ධනාගාර ආඥා පනතේ 87-1වගන්තිය යටතේ, බන්ධනාගාරය තුළ යම් වරදක් කළ පුද්ගලයකුට විරුද්ධව පියවර ගැනීම සඳහා බන්ධනාගාර විනිශ්චය සබාව වෙත ඉදිරිපත් කිරීමට පැවරෙන බලය අනුව මෙම පැමිණිලි වාර්තාව ඉදිරිපත් කෙරෙන බවද ඒකනායක මහතා පැවසීය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනකු, අදාළ බන්ධනාගාර වෛද්‍යවරයා, රැඳවූවන් ඇතුළු 10 දෙනකුගේ ප්‍රකාශ ප්‍රකාශ සටහන් කර අවසන් බවද ඒකනායක මහතා කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment