Home ගොසිප් පුවත් රැට්ටාගේ මුළු චැනල් එකම නැති වෙයි

රැට්ටාගේ මුළු චැනල් එකම නැති වෙයි

by Hela news

මාසයක් විතර රැට්ටාට ඇඳට වැටිලා ඉන්න වෙයි

මිනිස්සුන්ව හිනාගස්සන වැඩේ හැමෝටම කරන්න බෑ. ඒකටත් හැකියාවක් තියෙන්න ඕනේ.

ඒ වගේ හැමෝම දන්න දක්ෂ යූටියුබර් කෙනෙකුට පිනිපලසේ පිටුවක් වෙන් කරන්න අපිට හිතුණා.

ඉතින් අපේ අද කතාබහ සුවහසක් යූටියුබ් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රැට්ටා එක්ක.

කාලෙකින් වීඩියෝ එකක් කරපු නැති හේතුව සමගින්ම ඔහු කතාව පටන් ගත්තා…

පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. මොකද වීඩියෝ එකක් කරන්න මගේ කණ්ඩායම එක තැනකට ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කොරෝනත් එක්ක. දැන් මාස හතරකින් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා.

අලුත් වැඩක් පටන් අරන් තියෙන්නේ. ඒ වැඩේ කරගෙන යද්දි මට අසනීප වෙලා දවස් විසි ගාණක් ඇඳටම වෙලා හිටියා. දැන් නම් සනීප වේගෙන එන්නේ.

කවුද මේ රැට්ටා කියන ප්‍රශ්නය අපි ඔහුට ඉදිරිපත් කළා…

රැට්ටා කියන්නේ රතිඳුට. හැබැයි රැට්ටා නම වැටුණේ මම කලින් රැකියාව කරපු තැනින්. ඔෆිස් එකේ අයියා කෙනෙක් තමයි රැට්ටා කියන නම දැම්මේ. රතිඳු කියන නම අමාරුයි,

මම උඹට රැට්ටා කියලා කතා කරන්නම් කියලා. ඊට පස්සේ මුළු ඔෆිස් එකේම අය රැට්ටා කියලා කතා කරන්න ගත්තා.

නම වැටුණේ 2012 අවුරුද්දේ. 2016 යූටියුබ් චැනල් එකටයි, ෆේස්බුක් පේජ් එකටයි දාන්න නමක් හිත හිත ඉද්දි මට හිතුණා රැට්ටා කියන නමම දානවා කියලා.

හිතුවට වඩා නම නැගලා ගියා.

යූටියුබ් ජීවිතේ අමතක නොවන සිදුවීම් නම් බොහොමයි. හැබැයි, මුහුද මැද දි සිදුවූ ඒ බිහිසුණු සිද්ධිය රැට්ටගේ ජීවිතේ කිසි දවසක අමතක කළ නොහැකි බව තමයි කියන්නේ…

මම කරපු රාමා වීඩියෝ එකේදි අපිට වෙන්න තිබුණ හැම කරදරයක්ම වුණා. මුහුද මැද රූගත කරන්න සිදුවීමක් තිබුණා අපි බෝට්ටුවේ යන ගමන්. මුලින්ම අපි කට්ටියටම sea sick එක හැදිලා අමාරු වුණා.

කොහොමහරි ටික වෙලාවකින් සීන් එක ගත්තා. ඩ්‍රෝන් කැමරාවකින් තමයි ඒ ටික ගත්තේ. කොහොම හරි ඩ්‍රෝන් එකේ බැටරි බහින්න කලින් අපි ඒක බෝට්ටුවට ලෑන්ඩ් කරන්නත් ඕනේ.

ඩ්‍රෝන් එකේ option එකක් තියෙනවා return to home කියලා. ඒකෙන් වෙන්නේ ඩ්‍රෝන් එක උඩ යවපු තැනටම ගිහින් බාන එක. පස්සෙ අපිට මතක් වුණේ දැන් උඩ යවපු තැන බෝට්ටුව නෑනේ එහෙම වුණාම ඩ්‍රෝන් එක බාන්නේ මුහුදටනේ කියලා.

කොහොම හරි අපි ආයේ ඩ්‍රෝන් එක පස්සෙන් ගියා. හරියටම අපි ඒක උඩ යවපු තැන ඩ්‍රෝන් එක නැවතුණා. අපේ වෙලාවට මුහුදු රැලි stable නිසා ඩ්‍රෝන් එක බාන්නෙ නැතුව උඩ රැඳිලා තිබ්බා.

ඒත් අපිට අල්ලන දුරකත් නෙවේ ඩ්‍රෝන් එක තිබ්බේ. බැට්ට්‍රි බහිනකල් ඉමු කියලා ටික වෙලාවක් බලන් හිටියා බැටරි බහින්නෙත් නෑ. හුළඟට දැන් බෝට්ටුවත් වෙන පැත්තකට පාවෙනවා.

පස්සේ බැරිම තැන අපේ මල්ලි කෙනෙක් කිව්වා ඩ්‍රෝන් එක වැටිච්චදෙන් අපි ගත්තු ෂොට්ස් ටික හරි ඉතුරු වෙයිනේ මම පැනලා ඒක අල්ලගන්නම් කියලා. ඊටපස්සෙ වාසනාවට බැටරි බැහැලා ඒක හෙමීට පහළට ආවා.

පස්සේ අර මල්ලි පැනලා ඩ්‍රෝන් එක අල්ලගත්තා. එයාගේ අතත් කැපුණා ෆෑන් එකට. කොහොමහරි ඉතින් ලක්ෂ තුනහමාරක විතර ඩ්‍රෝන් එක බේරගත්තා. ඊටපස්සේ සීන් එක තිබ්බේ ගෙදර.

කොහොමහරි මට ගෑස් එකයි, සී සික් එකයි එක්ක හොඳටම අමාරු වෙලා ෂොට්ස් දෙක තුනක් ගද්දි සිහිය නෑ. පස්සෙ මම මගේ ෂොට්ස් ටික පස්සෙ ගමු ඩි‍ෆෙන්ඩර් ටික ආයෙ ගෙන්නගන්න බැරි නිසා ඒ ටික ගන්න කියලා රෝහල්ගත වුණා. දවස් හතරකට විතර පස්සෙ තමයි ඉතුරු ෂොට්ස් ටික ගත්තේ.

0 comment
0

Related Posts

Leave a Comment