රහීම්ගේ Fitness

0
68

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය නිමාවට පත්වුණේ කොදෙව්වන්ට ඓතිහාසික තරගාවලි ජයක් හිමිකර දෙමින්. එ් මොකද කිව්වොත් කොදෙවේවෝ තමන්ගේ රටෙන් පිට ටෙස්ට් තරගාවලියක් දිනුවේ අවුරුදු හතරකට පස්සේ. එ් වගේම ආසියානු කලාපයේදී ඔවුන් ටෙස්ට් තරගාවලියක් ජයග‍්‍රහණය කළේ 2012න් පස්සේ.

දෙරට අතර පැවැති දෙවැනි සහ අවසන් තරගයේදී වැඩිම අවධානයක් යොමු වුණ කී‍්‍රඩකයෙක් තමයි කොදෙව් කණ්ඩායමේ රහීම් කොන්වෙල්. රහීම් මේ තරගයේදී ඉනිම් දෙකේදීම කඩුලූ 9ක් ලබා ගන්නවා. කොදෙව්වන්ට මෙම තරගය ජයගැනීමට රහීම්ගේ පන්දු යැවීම මෙන්ම පන්දු රැුකීම සෑහෙන්න ඉවහල් වුණා. එ් මොකක්ද කියනවා නම් බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල ලෙස මෙහෙදි හසන් දවා ගැනීමට සුපිරි උඩ පන්දුවක් ලබා ගත්තෙත් රහීම්.

රහීම් කියන්නේ දැවැන්ත ශරීරයක් හිමි කී‍්‍රඩකයෙක්. හරියට සූමෝ කී‍්‍රඩකයකුට සමාන ශරීරයක් තියෙන කී‍්‍රඩකයෙක්. අපේ භාෂාවෙන් කියනවා නම් බැලූ බැල්මට ෆිට් ඇඟක් තියෙන් කී‍්‍රඩකයෙක් නෙමෙයි. හැබැයි දෙවැනි ඉනිමේදී එකදිගට පන්දුවාර 30කුත් යවලා ඉන්නකොට තමයි රහීම් අර සුපිරි උඩ පන්දුව ලබා ගන්නේ. බංග්ලාදේශයට ජයග‍්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 17ක් පමණයි. මෙහෙදි හසන් ලකුණු 31ක් ලබාගෙන් පිටියේ ස්ථාවර වෙලයි හිටියේ. ස්ලිප්හි පන්දු රකිමින් සිටි රහිම් එ් උඩපන්දුව රැුක ගත්තේ නැතිනම් තරගයේ ප‍්‍රතිඵලය වෙනස් වෙනන්ත් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here