Home දේශීය පුවත් රසායනික පොහොර භාවිතයෙන් පරිසරයට හා මිනිසාට අහිතකර බැර ලෝහ පසට එක් විය හැකියි

රසායනික පොහොර භාවිතයෙන් පරිසරයට හා මිනිසාට අහිතකර බැර ලෝහ පසට එක් විය හැකියි

by Hela news

අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා

රසායනික පොහොර භාවිත කිරීමෙන් පරිසරයට සහ මිනිසාට අහිතකර බැර ලෝහ පසට එක් විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.

රසායනික ‍‍පොහොරවල වසවිස අඩංගු නැති බවට පළවන ඇතැම් මත සම්බන්ධයෙන් ඊයේ (03) කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නියමිත ප්‍රමිතියට අනුව රසායනික පොහොර හෝ කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොකළහොත් අහිතකර බැර ලෝහ පසට මුදාහැරෙන බවයි.

ඕනෑම පොහොරක් සකස් කිරීමේදි නියමිත මත්‍රාව අනුව අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කළ යුතු බවත් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී ග්‍රාමීය මට්ටමින් දිරාපත් වන අපද්‍රව්‍ය පමණක් භාවිතයට ගනු ලබන්නේ අහිතකර බැරලෝහ පසට එක්වීම වැළැක්වීමේ අරමුණින් බවත් හෙතෙම කීය.

එමෙන්ම රසායනික පොහොර භාවිතයෙන් වකුගඩු රෝග ඇති වන බවට පළ වන මත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජන්ත ද සිල්වා මහතා කියා සිටියේ ඒ පිළිබඳව විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදුකර නැති බවයි. ගොවීන් වැඩි වශයෙන් පළිබෝධනාශක කෙරෙහි නැඹුරු වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝග වැළඳීම සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

0 comment
0

Related Posts

Leave a Comment