Home ක්‍රීඩා පුවත් රන්ජන් මඩුගල්ල වාර්තා අතරට එක්වෙයි

රන්ජන් මඩුගල්ල වාර්තා අතරට එක්වෙයි

by Hela news

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ල මහතා වාර්තා අතරට එක්වුණි.

ඒ අද තරගයේද ප්‍රධාන තරගතීරක ලෙස කටයුතු කරමින් ඔහු ලොව ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා බවට පත්වීමෙනි.

හැට දෙහැවිරිදි වියේ පසුවන රංජන් මඩුගල්ලේ 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ආරම්භ කර තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරගයේ ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකයි.

අද තරගය දිවා ආහාරය සඳහා නතර කරන විට ශ්‍රී ලංකාව කිසිවෙක් නොදැවි ලකුණු  61ක් රැස්කරගෙන සිටියේය.

මේ අතර රොස්ටන් චේස් යැවූ පළමු පන්දුවාරයේදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් ෆෝවඩ් ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි ජෙරම් සොලොසානෝගේ හිස් ආවරණයේ වැදීම හේතුවෙන් ඔහුව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ක්‍රීඩාපිටියෙන් ඉවත් කෙරුණි.

දිමුත් කරුණාරත්න නොදැවි ලකුණු 32 ක් රැස්කරගෙන සිටි අතර පැතුම් නිස්සංක රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 25 කි. 

0 comment
0

Related Posts

Leave a Comment