Home ක්‍රීඩා පුවත් රන්ජන් මඩුගල්ල වාර්තාවක් අභියස.

රන්ජන් මඩුගල්ල වාර්තාවක් අභියස.

by Hela news

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නොවැම්බර් 21 වැනිදා ආරම්භවන ටෙස්ට් තරගාවලියේදී තම තරග තීරක දිවියේ තවත් සුවිශේෂී කඩඉමක් පසු කිරීමට නියමිතය. 

ඒ ලොව ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද පළමු තරග තීරකවරයා වීමේ අවස්ථාව මඩුගල්ලේ ට ලැබෙයි.

ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙස මඩුගල්ලේ සැලකෙයි.

මෙම සුවිශේෂී කඩ ඉම ඉක්මවායෑමට පෙර පළමුවරට ලොව ටෙස්ට් තරග 100 ක් සහ ටෙස්ට් තරග 150 ක සීමාව පසුකළ පළමු තරග තීරකයා ලෙසින්ද වාර්තා පොත් අතරට ඔහු එක්ව සිටී. 

එම සුවිශේෂී කඩඉම පසුකළ අවස්ථා ද්විත්වයම මවුබිමෙන් පිටදී සටහන් වුවත්, 200 වැනි තරගය සිය මව්බිමේදී සටහන් කර ගැනීමට මඩුගල්ලේ ට අවස්ථාව උදාවීමද දෛවෝපගත සිදුවීමක් ලෙස හැඳින්විය හැක.

0 comment
0

Related Posts

Leave a Comment