රන්ජන්ගේ ජීවිතය අවදානම් – සජිත්

0
189

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය සුරක්ෂිත වුවත් ඔහුගේ ජීවිතය අවදානමක පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙතගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

“රන්ජන් රාමනායක මහතා අදටත් ඉදිරියටත් මන්ත්‍රීවරයෙක්. කථානායකවරයාගේ වගකීම වන්නේ රන්ජන් රාමනායක මහතාව වහාම පාර්ලිමේන්තුවට ගෙන්වීම. එතුමගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මෙම ස්ථානයේ රන්ජන් රාමනායක මහතාව තබා ගැනීම එතුමාගේ ජීවිතයට තර්ජනයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here