Home උණුසුම් පුවත් රත්න මෝල රකින සංඝ රත්නේ

රත්න මෝල රකින සංඝ රත්නේ

by Hela news

ලොරි 10ක සහල් දන් දුන් රත්න මුදලාලි අත්දුටු මාර පරාජය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා පෙරේදා(08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ.

දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය එහිදී ඉල්ලා සිටියහ.

මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය.

කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment