Home උණුසුම් පුවත් රට අගුළු දැම්මත් කොටස් වෙ‍ළෙඳ‍පොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

රට අගුළු දැම්මත් කොටස් වෙ‍ළෙඳ‍පොළ ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

by Hela news

කොවිඩ් අභියෝගය හමුවේ සහ රට අඟුළු දමා තිබෙන වටපිටාවක වුව කොළඹ කොටස් වෙ‍ළෙඳ‍පොළ ඉකුත් වසරට (2020) සාපේක්ෂව මේ වසරේ සියයට 56ක වාර්තාගත වර්ධනයක් ඊයේ (26) පෙන්නුම් කළේය.

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා කළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය ඊයේ (26) වාර්තා විය.

2021 ජනවාරි 27 දා ඒකක 8812.01ක් වාර්තා කළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ 8920.71ක් වාර්තා කළ බව කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ ජනරාල් රාජිව් බණ්ඩාරනායක මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

වසර 2020 මෙරට කොටස් වෙළෙඳ‍පොළ වාර්තා කළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 396ක් විය. එය මේ වසරේ ඊයේ වනවිට රුපියල් බිලියන 618ක් දක්වා වැඩි වූ බවද ඒ මහතා කීවේය.කොළඹ කොටස් වෙළෙඳපොළ දිනක ඉහළම පිරිවැටුම ඊයේ වාර්තා කළේ රුපියල් බිලියන 10.49ක් ලෙසයි. මේ අන්දමට කොටස් වෙළෙඳපොළ වර්ධනයට නව ආයෝජන ලෙස දේශීය ආයෝජකයෝ පෙරට ඒම දායක වී ඇත.

මේ වනවිට මූල්‍ය වෙළෙඳපොළේ බැංකු ගාස්තු පොලී අනුපාත පහළ අගයක පැවතීම උද්ධමනය සියයට 5ත් 7ත් අතර මට්ටමක පැවතීම යනාදිය කොටස් වෙළෙඳපොළ වර්ධනයට හේතු වී තිබේ.

එයට අමතරව ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගමනයට අවශ්‍ය කරන විදේශ විනිමය අවශ්‍යතාව ඉහළ නංවා ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැනින් ඒකකයක් ජනපද ඩොලර් මිලියන 780ක මුදලක ලැබීමද යම්තරමක බලපෑමක් එක්කොට ඇතැයි කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් ප්‍රධානීහු පවසති.

කොළඹ කොටස් වෙ‍ළෙඳපොළ ගනුදෙනු හා සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ කිරීමට හැකිවීම, එහි පහසුකම් වැඩි දියුණු කිරීම නව ‍ආයෝජන ලෙස නව තාක්ෂණය භාවිත කොට මෙරට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් කොටස් වෙ‍ළෙඳ‍පොළට ප්‍රවේශ වීමට පෙළඹී තිබීමද හේතු වී තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment