Home දේශීය පුවත් රටේ සල්ලි වලින් ගෙදර ණය ගෙවලා

රටේ සල්ලි වලින් ගෙදර ණය ගෙවලා

by Hela news

අධිවේගෙන් ගැහුව අයකැමි සොච්චමක් එක්ක අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවේ මුදල් භාරව කටයුතු කළ මුදල් අයකැමිවරයා අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ අන්තර් හුවමාරුවේ සේප්පු දෙකක තිබු රුපියල් 1,418,500ක මුදලක් එම පුද්ගලයා විසින් වංචා කර ඇතැයි පසුගිය සැප්තැම්බර් මස 11 වන දා බණ්ඩාරගම පොලීසියට සිදුකල පැමිණිල්ලක් මතය.

ඒ අනුව බණ්ඩාරගම පොලීසිය හා පානදුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරු ඊයේ දින අත්අඩංගුවට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අත්අඩංගුවට පත්වු සැකකරු සන්තකයේ තිබී රුපියල් 384,000ක මුදලක් ද සොයාගත් බවත් ඒ මහතා කියා සිටියේය.

සැකකරු පසුගිය අගෝස්තු මස 31 වන දින සිට අවස්ථා කිහිපයක දී මුදල් රැගෙන ගොස් ඇති බවත්, එම මුදල් ඔහුගේ පෞද්ගලික ණය පියවීමට යොදා ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම පුද්ගලයා සූදු සෙල්ලම් කිරීමට ඇබ්බැහිවුවෙක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment