Home ව්‍යාපාර පුවත් රටේ ඉල්ලුම සපුරාලීමට INSEE සිමෙන්ති නිෂ්පාදනය වැඩි කරයි

රටේ ඉල්ලුම සපුරාලීමට INSEE සිමෙන්ති නිෂ්පාදනය වැඩි කරයි

by Hela news

ප්‍රමුඛ පෙළේ සිමෙන්ති ආනයනකරුවන් කීපදෙනෙකුම වර්තමානයේ පවතින සිමෙන්ති ඉල්ලුම සපුරාලීම සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට රටේ පවතින සිමෙන්ති හිඟය අවම කිරීමට INSEE සිමෙන්ති පූර්ණ නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම තම සිමෙන්ති නිෂ්පාදන පරිමාව අඛණ්ඩව ඒ ආකාරයෙන් ම වෙළෙඳපොළට සැපයීමට සමත් වී තිබේ.

මෑතකාලීනව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ ම, ආනයන පිරිවැය ඉහළයාම නිසා ඇතැම් සිමෙන්ති ආනයනකරුවන් තම ආනයනික සිමෙන්ති නිෂ්පාදන, වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සීමා කර ඇති අතර, එමගින් මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය විය. මේ වන විට ටොන් මිලියන 3.6 ක පූර්ණ නිෂ්පාදන ධාරිතාවකින් යුතුව ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම සිය වේගවත්, සැපයුම් හා බෙදා හැරීමේ ජාලය යොදාගනිමින් දේශීය සිමෙන්ති වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ අතර, එමගින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය අනවශ්‍ය ලෙස අපහසුතාවන්ට ලක්වීම ද වළක්වා ගැනීමට සමත් විය. එමෙන් ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය, වාරිමාර්ග ව්‍යාපෘති වැනි සුවිශේෂී ඉදිකිරීම් හා යටිතල පහසුකම් ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනවලට මහත් ශක්තියක් වීමට INSEE සිමෙන්ති සමාගමට හැකියාව ලැබිණි.

ගාල්ලේ සිමෙන්ති ටොන් මිලියන 1.5 ක්, පුත්තලමේ සිමෙන්ති ටොන් මිලියන 1.3ක් සහ කොළඹ සිමෙන්ති පර්යන්තයේ ටොන් මිලියන 0.8ක් වශයෙන් සිමෙන්ති නිශ්පාදන ධාරිතාවන් තිබෙන හෙයින් රටේ ඇති වී තිබෙන සිමෙන්ති හිඟයෙන් පීඩාවට පත් ඉදිකිරීම්කරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට ශක්තියක් වෙමින් INSEE සිමෙන්ති සමාගම සිය වෙළෙඳපොළ පුළුල් කරගැනීමට කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් තම සියලුම මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට ද කටයුතු කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment