Home උණුසුම් පුවත් රටම කතාකරන වැල්ලවායේ අයිෂා අමිනා

රටම කතාකරන වැල්ලවායේ අයිෂා අමිනා

by Hela news

බුද්ධාගම, සිංහල ඇතුළු සියලු විෂයන්වලට A සාමාර්ථ ගත් මුස්ලිම් සිසුවිය

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනීමට මුස්ලිම් සිසුවියක් සමත්ව තිබේ.

මෙලෙස ඒ සාමර්ථ නවයක් ලබාගෙන තිබෙන්නේ වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනු ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සිසුවිය විසිනි.

පවුලේ දෙවැනි දරුවා වූ අයිෂා අමිනා ඇය ලැබූ ජයග්‍රහණය ගැන මෙලෙස පැවසීය….

මට අරමුණක් තිබුණා. විභාගයට පෙර සිටම එක අරමුණකට වැඩ කළා. විභාග ප්‍රහ්න පත්‍රවලට හොදින් පෙනී සිටියා.
අපිට බුද්ධ ධර්මය විෂය ඉගැන්වුවේ ජිනරත්න ස්වාමින් වහන්සේ.
මගේ ජයග්‍රහණය පිටිපස්සේ සිටියේ පංතිබාර සුපුන් ගුරුතුමා ඇතුළු ගුරුවරුන් පිරිසයි.
ඒ් වගේම මටම ගේ යහළුවෝ හුගක් උදව් කළා.
මට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න උදව්කරපු මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝටම ස්තූතිය පුදකරනවා.
මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වෙන්න.

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සිසුවියගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහනියකි.

0 comment
0

Related Posts

Leave a Comment