Home උණුසුම් පුවත් රජය දූෂිත නම් ගම්මන්පිලට ආණ්ඩුවේ ඉන්න බැහැ

රජය දූෂිත නම් ගම්මන්පිලට ආණ්ඩුවේ ඉන්න බැහැ

by Hela news

ආණ්ඩුව දූෂිත යැයි කියමින් රජය විවේචනය කළ උදය ගම්මන්පිල ඇමැතිවරයා අදත් ආණ්ඩුව ඇතුළේ සිටින අතර එවැනි විවේචන සිදුකරමින් ඔහුට තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

කහටගස්දිගිලිය සීප්පුකුලම නගරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

‘අද සමහරු රජයේ සිටිමින්ම රජය විවේචනය කරනවා. එහෙම විවේචනය කරනවා නම් ඇයි මේ අය ආණ්ඩුව ඇතුළෙම ඉන්නේ? ඒකයි අපට තිබෙන ප‍්‍රශ්නය.

තුන්වැනි පාර්ශ්වයක් රජය ඇතුළට රිංගවීමේ සැලසුමකට අනුව මේ අය කටයුතු කරන බව මේ මොහොත වන විට පැහැදිලිවම පේන්න තිබෙනවා. අපේ සමගියට බලපෑම් කිරීමට තෙවැනි පාර්ශ්වයකට අවස්ථාව ලැබුණේ කොහොමද? අපි කනගාටු වෙනවා ආණ්ඩුව තුළ වගකීම් දරන කණ්ඩායම් මේ ආකාරයට කටයුතු කිරීම ගැන.

කවුරුන් වුවත් ආණ්ඩුව තුළ සිටිමින් එකඟතාව ආරක්‍ෂා කරනවා වගේම සතුරාට ආයුධ ලබාදීමෙන් වැළකී සිටීමත් ඉතාම වැදගත් කරුණක් යැයිද ශෙහාන් සේමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

යුගදනවි එල්එන්ජී බලාගාරය සඳහා එල්එන්ජී සැපයීමේ ඒකාධිකාරය ඇමරිකාවට ලබාදීමට එරෙහිව ඉකුත් 29 වැනිදා (සිකුරාදා) ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවති ‘මහජන මන්ත‍්‍රණ සභාව’ රැුස්වීමේදී උදය ගම්මන්පිල මහතා කළ කතාව පිළිබඳ අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී ශෙහාන් මල්ලිගේ අනාගත බලශක්ති ඇමැති පදවියට තමන් එක සිතින් සුබපැතුම් එක්කරන බව ඒ මහතා පැවසීය.

තමන් කරනු ලැබුවේ සත්‍යවාදී ප‍්‍රකාශයක් බව වගකීමෙන් සඳහන් කරන්නේ යැයිද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment