Home ව්‍යාපාර පුවත් රක්‍ෂණය කියන්නේ වියදමක් නොමෙයි ප‍්‍රතිලාභ සඳහා ආයෝජනයක් – ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත්

රක්‍ෂණය කියන්නේ වියදමක් නොමෙයි ප‍්‍රතිලාභ සඳහා ආයෝජනයක් – ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත්

by Hela news

වසංගතය යළිත් වරක් ආරක්ෂණය පිළිබඳව දේශයට මතක්කර දී තිබේ. ජාතියේ රැකවලා වෙමින් රක්ෂණයේ සාරවත් කතිකාවතක් ජාතියට දායාද කරන ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සිය කර්යභාර්ය ජාතිය වෙනුවෙන් තවදුරටත් ඉටු කරන්නේ කෙසේද…? මේ ප‍්‍රශ්නාවලියේ අරමුණ වන්නේ රක්ෂණ සංස්ථාවේ අනාගත සැලසුම් හෙළිකර ගැනීම පමණක් නොවේ. දැවැන්ත රක්ෂණ පෙරළියක් සඳහා රක්ෂණ සංස්ථාව සතු නවමු සැලසුම් ද හෙළිකර ගැනීමය. මේ අභියෝගාත්මක කාර්යයේ නියමුවා වන, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සමග ඒ පිළිබඳව විමසමින් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සිදු කරන ලද සාකච්ඡාවයි මේ.


ප‍්‍රශ්නය—  කොරෝනා වසංගතය නිසා ලෝකයම අකර්මණ්‍ය වුණු වසර දෙකක් තමයි අප පසුකරමින් ආවෙ. තවත් වසංගතය ගැන අපට පුරෝකථනයක් කරන්න බෑ. එවැනි පසුබිමක රක්ෂණ ක්‍ෂේත‍්‍රයට කොරෝනාව කර ඇති බලපෑම කෙසේද?

පිළිතුර – මේ වසංගතය නිසා සෑම රටක්ම සමාජයක්ම බලපෑමට ලක්ව තිබෙනවා. ලොව සෑම තැනකමට ආර්ථික හා සමාජයීය වශයෙන් බොහෝ අර්බුද නිර්මාණ කළ සමයක්
මේ අප පසුකරමින් ඉන්නෙ. ඒකෙන් මිදෙන්න රක්ෂණ ක්‍ෂේත‍්‍රයට බැහැ. ඒ නිසා අපටත් සැලකිය යුතු තරමේ බලපෑමක් කොරෝනාව කළා. එම තත්ත්වය කළමනාකරණය කර ගනිමින් සාර්ථක වැඩපිළිවෙළක් ඔස්සේ අප ඉදිරියට
ගමන් කරමින් සිටිනවා.

අපේ රක්ෂණ සංස්ථාව ගත්තම රක්ෂණ වර්ග දෙකක් තියෙනව. එකක් තමයි ජීවිත රක්ෂණ, අනෙක සාමාන්‍ය රක්ෂණ. ජීවිත රක්ෂණ අපි ලබාදෙන්නෙ රක්ෂණ නියෝජිතවරු පුද්ගලයන් ළඟට ගිහින්. රට වහපු ගමන් සංචරණ සීමා පැනවීම නිසා එහෙම පුද්ගලයන් හමුවට
යන්න බෑ. ඒ නිසා රක්ෂණාවරණය ගන්න ප‍්‍රමාණය අඩුවක් සිද්ධවුණා. ඒ වුණත් අපේ නියෝජිතයන් ඔන්ලයින් ක‍්‍රමය මගින් ඒක කළා. බලාපොරොත්තු වුණු වර්ධනයක් නැතිවුණාට ඒ මගින් ජීවිත රක්ෂණ ක්‍ෂෙත‍්‍රයේ සාධනීය
තත්ත්වයක් ළංකරගන්න පුළුවන් වුණා.

අනෙක තමයි රථවාහන ක්‍ෂේත‍්‍රය. ඒකෙ තමයි අපේ වැඩි ආදායමක් තිබුණෙ. රථවාහන ආනයනය නැවතීමත් සමග ඒකට ලොකු බලපෑමක් ආවා. රථවාහන ගෙන්වීමත් සමග යම් අඩුවීමක් තිබුණත් අපේ පැවැති රථවාහන ගිවිසුම් අලූත්
කිරීම් සම්බන්ධව සාධනීය වර්ධනයක් තිබුණ. ඇතැම්විට වෙනත් රක්ෂණ ආයතනවල රක්ෂණය කළ වාහනත් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි රක්ෂණය කිරීමත් ඒකට එක හේතුවක්. මෝටර් රථ රක්ෂණ ක්‍ෂේත‍්‍රයේ අපි තමයි ඉදිරියෙන්ම ඉන්නෙ. ඒ වගේම අපේ කරපු ආයෝජනවලින් වාසියක්
ආව. ඒ පසුගිය දවස්වල කොටස් වෙළෙඳපොළ වර්ධනය වුණානෙ. ඒ ආයෝජනවලින් අපි බලාපොරොත්තු වුණාට වැඩි ලාබදායී තත්ත්වයක් ඇතිවුණා.


ඉදිරියේදී අපි ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්‍ෂේත‍්‍රයේ පළමුවැනියා වෙනව කියන ඉලක්කය තමයි අපට තියෙන්නේ. ඒකට අවුරුදු තුනක සැලැස්මක් හදාගෙන යද්දි තමයි වසංගතය ආවෙ. ඒ නිසා ලොකු බලපෑමක් වෙලා තියෙනව. මිනිස්සුන්ගෙ අතේ මුදල් නැති නිසා මිනිස්සු රක්ෂණ සඳහා යොමුවෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය  – වසංගතය නිසා එම අවුරුදු තුනේ ඉලක්කය පසුපසට ගියාද?

පිළිතුර – වසංගතයේ බලපෑම මත ඉලක්කයන්හි යම් යම් වෙනස්කම් සිදුව තිබෙනවා. නමුත් යම් යම් වෙනස්කම් තුළ අපේක්ෂිතය ඉලක්කයන්ට අප අනිවාර්යයෙන්ම ගමන් කරනවා. ඒ සඳහා අප සියලූදෙනා ඉතා කැපවීමෙන් වගකීම්
සහගතව කටයුතු කරමින් සිටිනවා. මෙම වසංගතයේ බලපෑම අනෙකුත් රක්ෂණ ආයතනවලටත් එලෙසම බලපා තිබෙනවා. වසංගතයට අපගේ සැලසුම්වලට යම්
බලපෑමක් කිරීමට හැකි වුවත් එය මුළුමනින්ම නවතා දැමීමට හැකියාවක් නැහැ. අපගේ ඉලක්කය ජය ගැනීම තමයි අපගේ අරමුණ.

ප‍්‍රශ්නය x -කෙනෙක් කිනම් හෝ රක්ෂණාවරණයක් ගන්නව නම් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතටම ආ යුත්තේ ඇයි?

පිළිතුර x- අපි රාජ්‍ය විශ්වාසය තියෙන වසර 60කට
ආසන්න කාලයක රක්ෂණ සම්බන්ධ පුළුල් අත්දැකීමක් තියෙන ආයතනයක්. ඒ වසර හැට තුළ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කිසිදු විටෙක ජනතා විශ්වාසය පළුදු කරල නෑ. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කියන්නෙ වැඩියෙන්ම මිනිස්සු කැමැති, ආදරය කරන නාමයක්. අපට ලබන අවුරුද්දට අපට
අවුරුදු 60ක්. අනෙක අපේ සේවය ඉතාමත් කාර්යක්ෂම එකක්. ලංකාව පුරාම අපේ ශාඛාවන් 140ක් විතර තියෙනව. සේවකයෝ
2700ක් විතර ඉන්නව. ඒ එය කැපවීමෙන් වැඩ කරනව. ඒ නිසා අපිට අනෙක් සමාගම්වලට වැඩිය ලංකාව ඇතුළේ ලොකු ශක්තියක් තියෙනව. ඒ වගේම අපේ වෙනස් වෙනස් රක්ෂණ ආවරණ, ලැබෙන ප‍්‍රතිලාභ අනෙක් සමාගමවලට
වඩා ඉහළයි. අනෙක ඔබ අපෙන් රක්ෂණාවරණයක් ගැනීමට යොදවන මුදල් අපි නැවත ආයෝජනය කරන්නෙ ලංකාව ඇතුළෙමයි. ඒ කියන්නෙ ඒවායේ අවසාන ප‍්‍රතිලාභ රටටම යි.


ප‍්‍රශ්නය -x ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කිනම් ක්‍ෂේත‍්‍ර තුළ ආයෝජනය කර තිබෙනවාද ?
පිළිතුර x- ලිට්රෝ ගෑස් සමාගම සියයට සියයක්, ලංකා හොස්පිටල් සියයට 51 ක්, කැන්විල් සියයට 52 ක්, කැනොවින්, එම්.එස්.ආර්.පී.එල් සමාගම අපිට අයිතියි. ඊට අමතරව කොමර්ෂල්, සෙලාන්, ඞීඑෆ්සීසී, එච්එන්බී. එන්ඞීබී බැංකුවල 8%-15 දක්වා කොටස් ප‍්‍රමාණයක් තියෙනව. මේ
දේවලින් කියන්නෙ ජනතාව අපිව විශ්වාස කරල දාල රක්ෂණාවරණවල මුදල් මොනතරම් ප‍්‍රතිලාභ තියෙන තැන්වල ද ආයෝජනය කරල තියෙන්නෙ කියල. අපි රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන ආයතනයක්.
 

ප‍්‍රශ්නය x- වාහනයක් ගත්ත ගමන් රක්ෂණාවරණයක් ගන්න මිනිස්සු, ජීවිතාරක්ෂණයක් ගන්න උනන්දුවක් නෑ.
එහෙම වෙන්නෙ මිනිසුන් තුළ රක්ෂණය පිළිබඳ තියෙන නොදැනුවත්භාවයද?


පිළිතුර x- ඔව් . අපේ රටේ ජීවිතාරක්ෂණ ගැන
තියෙන අවධානය අඩුයි. රටක් විදිහට අපි කළ යුත්තෙත් ජීවිතාරක්ෂණ පිළිබඳ මීට වඩා අවධානයක් යොමුකිරීම. මොකද ජීවිතයකට හානියක් වුණොත්, සදාකාලික අබ්බගාත
වුණොත් ජීවිතරක්ෂණයක් තිබීම ඉතාවැදගත් වෙන්නෙ තමන්ගෙන් යැපෙන්නන්ට. ඒ වගේම මේක ඉතිරි කිරීමක්. මහජනතාවගේ ඉතිරිකිරීම් වර්ධනයකට මේක භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ජීවිතාරක්ෂණාවරණයක් කියන්නෙ
වියදමක් නෙමෙයි ප‍්‍රතිලාභයක්. අනෙක දැන් තමන්ගෙ ආදායමට ගැළපෙන රක්ෂණ සැලසුම් ඕන තරම් තියෙනව.


මම නම් කියන්නෙ පාසල් යන කාලයේ ඉඳලම
ජීවිතාරක්ෂණයක තියෙන වැදගත්කම කියාදෙන්න ඕන. සමහරු මේක සමාගමක් පොහොසත් කරන දෙයක් විදිහට හිතනව නම් ඒ ආකල්පය වැරැුදියි. අපි කොච්චර අනවශ්‍ය දේවලට වියදම් කරනවද? ඒ මුදල රක්ෂණයකට යොදවන්න පුළුවන්. ඒකෙන් තමන්ට පෞද්ගලිකව ඒ මුදල ඉතුරුවෙනව වගේම බැංකුවක මුදල් තැන් නොකළාම ලැබෙන ප‍්‍රතිලාභත්
ලැබෙනව. අනෙක් කාරණය එහෙම රක්ෂණාවරණ දාල යොදන මුදල් ටික ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය විදිහට රට තුළම තමය ආයෝජනය කරන්නෙ. ඒ නිසා ඒකෙ
අවසාන ප‍්‍රතිඵලයත් සමස්ත මහජනයාටමයි. ඒක මම හිතන්නෙ මිනිස්සුන්ගෙ ඔළුවට තදිම කාවැද්දවිය යුතු දෙයක්.

පුද්ගල සෞඛ්‍යය ගනිමුකො. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට බිලියන 250ක් විතර රජය වියදම් කරනවා කියන්නෙ රජයේ බදුමුදල්. ඒ වගේම ඊට වඩා ප‍්‍රතිලාභ ලැබෙන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පුද්ගලයෙක් දාල තිබුණොත් ඉතා
ඉක්මනින් හැමදේම තමන්ට කරගන්න පුළුවන්. තමන්ගෙ සෞඛ්‍ය ගැනත් හිතනවා නම් ජීවිත රක්ෂණය කරන්න ඕන දෙයක්. ඒ වගේම ජීවිත රක්ෂණ ක්‍ෂේත‍්‍රය පුළුල් වෙනව
කියන්නේ නව රැකියා අවස්ථාවනුත් උදාවෙනව කියන එක.


අපේ සේවා සපයන නියෝජිත මහත්වරු 10,000ක් විතර ඉන්නව. ඉන් 2500-3000ක් ක‍්‍රියාකාරී සාමාජිකයෝ. රක්ෂණ අවස්ථා වැඩිවෙනව කියන්නෙ ඒ අයටත් ජීවනමාර්ගයන්
පෑදෙනව කියන එක. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු වත්කම රුපියල් බිලියන 252ක්
විතර වෙනව. ඉන් රුපියල් බිලියන 221ක් අයෝජනය කරල තියෙනව 2021 අගෝස්තු වෙද්දි. 2020 වසරේ බදු ගෙවන්න පෙර ලාභය තියෙනව රුපියල් බිලියන 7.9ක්. 2019 බිලියන
8.2ක තිබුණ. මේ අවුද්දෙ ඒ අඩුවීම පූරණය කරගන්න පුළුවන් වෙයි කියල හිතනව. බදුගෙව්වට පස්සෙ රුපියල් බිලියන 5.7ක් ලාභලබල තියෙනව.

ප‍්‍රශ්නය x- කොවිඞ් කාලයෙ තිබුණු කටකතාවක් තමයි වාහන ධාවනයකරවන්න එපා. අනතුරක් වුණොත් රක්ෂණයෙන් ගෙවන්නෙ නෑ කියල. එහෙම වුණාද?

පිළිතුර x- නෑ… නෑ.. එහෙම දෙයක් වුණේ නෑ. ඒක
කටකතාවක් විතරයි. අපි කිසිම අවස්ථාවක වසංගතය කියල හානිපූර්ණයක් නොගෙව ඉඳල නෑ.

ප‍්‍රශ්නය- සැමට රක්ෂණය කියන්නෙ වත්මන්
ජනාධිපතිවරයගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තියෙන දෙයක්. ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කර ඇත්තේ මොනවද?


පිළිතුර x ඉදිරියේදි අපි අයවැයට යෝජනා කීපයක්
ඉදිරිපත් කරල තියෙනව. සැමට රක්ෂණය කියන එක ජනාධිපතිතුමාගේ සෞභාග්‍යගේ දැක්මෙ තියෙන එකක්. ඒ අනුව අපි ධීවරයන්ට රක්ෂණාවරණයක් දෙන්න, විදුලිය නිසා නිවසක තියෙන විදුලි උපාංගවලට හානියක් වුණොත්
ඒව වෙනුවෙන් රක්ෂණාවරණයක් දෙන්න යෝජනා කරල තියෙනව. වසංගත වැනි අවස්ථාවලදි අපි දැක්ක දෙයක් තමයි බොහෝ අයගෙ මාසික ආදායම බිඳ වැටීම.
ඒක පුද්ගලික ව්‍යාපාර කරන අයට බහුල විදිහට වුණා.
ඒ වගේම පුද්ගලික අංශයේ සේවකයන්ට ඇතැම්විට තමන්ගෙ වේතනයෙන් ලැබුණෙ කොටසක් පමණයි. මේ අපිට රක්ෂණයකින් පූර්ණය කරන්න පුළුවන් විදිහේ නව
රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ යෝජනා මෙවර අයවැයට අපි ඉදිරිපත් කරල තියෙනව.ඒ වගේම ධීවර කර්මාන්තය සහ කෘෂිකර්මාන්තයෙ නියැළිලා ඉන්න පිරිස 28%ක් විතර.
ඒ අයට අඩු වාරික එක්ක රක්ෂණාවරණයක් දෙන්න පුළුවන්ද කියන එක ගැන සලකා බලමින් ඉන්නෙ. අනෙක සුරක්ෂා වගේ රෝහල් රක්ෂණාවරණ වැඩිදියුණු කරන්න
සැලසුම්කරල තියෙනව.

0 comment
0

Related Posts

Leave a Comment