
“මහපොලොව අපිට මුතුන් මිත්තන්ගෙන් ලැබුණු උරුමයක් නොව, ආනාගත පරපුරෙන් ණයට ගත්තකි” යන රතු ඉන්දියානු ජාතික සියැටල් ගේ සුප්රකට කියමන සමග ඒකාත්මික වෙමින් අනාගත පරපුර වෙනුවෙන් එය රැකදීම සඳහා කැපවීමට අදහස් කල පිරිසකගේ මූලිකත්වයෙන් “මහපො ළොවේ මිනිස්සු” සංවිධානය බිහිවිය.
ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් මහවැලි ගංගා ඉවුර දෙපස කුඹුක් පැල සිටුවමින් ආරම්භ වූ සංවිධානයේ සමාරම්භක වැඩසටහන වැදි ජනතාවගේ “කිරිකොරහ නැටීම” නම් වන සංස්කෘතිකමය අංගයෙන් සංවිධානයට සහ රටට ආශිර්වාද කිරීමේ අංගයක්ද ඇතුලත් විය.
ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ප්රධාන ආරාධිතයා වූ ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් විසින් සංවිධානය අගය කරමින් සංවිධානයට දීර්ඝ ගමනකට සුබ පැතුම් එක් කලහ.
බොහෝ අවවාද අනුශාසනා මෙන්ම තම අත්දැකීම්ද පැමිණ සිටි පිරිස සමගින් බෙදාගත් වන්නිලෑ ඇත්තන් ඉන් පෙර අදහස් දැක් වූ සංවිධානයේ නිලධාරීන්ගේ සහ සාමාජිකයින්ගේ අදහස් හමුවේ බලාපොරොත්තු සහගතව ප්රබෝධමත්ව සිටි අයුරුද විශේෂයෙන් දැකගත හැකි විය.
රටටම ජීවය සපයන ගංගාවන් ආරම්භවන මධ්යමකඳුකරයේ මහවැලි ගඟ දෙපස කුඹුක් පැල විශාල ප්රමාණයක් රෝපනය කිරීමටද කැපකරු ක්රමයක් යටතේ එම පැල මහා වෘක්ෂයින් ලෙස නැගී සිටිනා තෙක් රැකබලාගැනීමටද මහපොළොවේ මිනිසුන් කටයුතු සම්පාදනය කර තිබෙනු දක්නට ලැබුණි.

