Home කාලීන පුවත් යොහානිට කලින් ලංකාවේ නම ලෝක පූජිත කළ කලා ශිල්පීන් 5 මෙන්න

යොහානිට කලින් ලංකාවේ නම ලෝක පූජිත කළ කලා ශිල්පීන් 5 මෙන්න

by Hela news

මැණිකේ මගේ හිතේ..’ ගීතය නිසා අතිශය ජනප්‍රිය වූ ජාත්‍යන්තරය ජයගත් මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිට මේ වන විට විදේශ රටවල් රැසකින් ඇයගේ නමින් ප්‍රසංග පැවැත්වීමට ද ආරාධනා ලැබී තිබෙනවා. යොහානිට පෙර ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ගෙන යන්න උපස්ථම්භක වුණු, ලාංකේය නාමය බබළවපු ශ්‍රී ලාංකිකයන් අපට මුණ ගැසී තිබෙනවා.

ඒ නිසාම අන්තර්ජාලයේ තොරතුරු ඇසුරින් මේ ලිපිය අපි ඔබට සමීප කරන්නේ ලංකාවට වඩා අන්තර්ජාතිකත්වය ඇතුළත තමන්ගේ නම ස්ථාපිත කරන්න සමත් වුණු කලාකරුවන් 5 දෙනෙක් ගැනයි.

ඒ. ඊ මනෝහර්

ශ්‍රී ලාංකේය දෙමළ පොප් ගායක සහ රංගන ශිල්පී ඒ. ඊ. මනෝහරන් ලොවපුරා ප්‍රසිද්ධව සිටියේ සිංහල දමිළ මිශ්‍ර පොප් ගායකයකු ලෙසින්. ඔහු ගායනා කළ සුරංගනීට මාළු ගෙනාවා ගීතය එදා මෙදා තුර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ එකසේ ජනප්‍රියව පවතින ගීතයක්. 1964 ජෝ දේව් ආනන්ද් යාපනයේ නිපදවූ ප්‍රථම දමිළ චිත්‍රපටය වූ පාස නීලා (Pasa Nila) වීරයාගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිසි මනෝහරන් භාෂා 5 කින් නිපද වූ චිත්‍රපට 260 ක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

1972 ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ වෙළෙඳ අංශයේ නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඔහු සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පොප් ශෛලියේ ගීත කලාවක් මෙරටට හඳුන්වා දීමට සමත් විය. එම කාලයේ දී සූරිය ලේබලය යටතේ සුරංගනී ගීතය පටිගත කර තිබුණි. 1975-76 කාලයේ ලංකාව පුරා සුරාංගනී, චූඩ මාණිකේ සහ පාටුමාමී යන ගීත සමඟ සිංහල සහ දෙමළ ගීත ගායනා කරමින් ප්‍රසංග මාලාවක් පැවැත් වූ අතර එක්සත් රාජධානිය, යුරෝපය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ මලයාසියාව යන රටවලද සංගීත ප්‍රසංග පවත්වා ලොවපුරා ජනප්‍රියත්වයට පත් විය.

ගායකයෙක් වගේම නළුවෙක් විදිහට දක්ෂතා දක්වන මනෝහර්ගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නේ දකුණු ඉන්දීය සිනමාකරුවන් විසින් වන අතර ඉන්දියානුවන් අතර ඔහු වාඩාත් ජනප්‍රිය වුණේ “සිලෝන් මනෝහර්” ලෙසින්.

නිමල් මෙන්ඩිස්

1934 මාර්තු 29 වැනි දින උපත ලැබු නිමල් මෙන්ඩිස් වයස අවුරුදු 6-7 වන අවදියේ සිට ම පියානෝ වාදනයට දැඩි ඇල්මක් දක්වන්නට විය. තරුණවියට එළැඹෙන විට හැරල්ඩ් සෙනෙවිරත්න යටතේ පියානෝ වාදනය ඉගෙන ගත් නිමල් මෙන්ඩිස් තමන් ලද හැකියාව එයට මුසු කරමින් තමාටම අාවේණික වූ ශෛලියකින් වාදනය කිරීමට සමත් විය. ඔහුගේ සිත ඇදී ගොස් තිබුණේ බටහිර සංගීත ශෛලියක් වූ Blues Jazz ශෛලියටය.

1957 එංගලන්තයට ගිය නිමල් මෙන්ඩිස් වැඩිදුර අධ්‍යාපනය එහි දී ප්‍රගුණ කරන අතරවාරයේද පියානෝව වාදනය කරමින් ගීත නිර්මාණය කරන්නට විය. ඔහු විසින් නිර්මාණය කරන ලද බටහිර ගීතයක් ඔවුන් පුහුණු වෙමින් සිටින අතර එය සවන රැදී විදේශිය ගායිකාවක වන මේරි මාෂල් මෙම ගීතය ඇයගේ ඇල්බමයට යොදා ගැනිමත් සමඟ ම ඔහුගේ මුල් ගීතය “kiss kiss kiss”නමින් එළි දැක්විණ. එම ගීතය තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාව රැඳෙන ලෙස බෙරයද යොදා ගැනීම විශේෂත්වයක් විය.

පසු කලෙක ලංකාවට පැමිණ ගඟ අද්දර, බැද්දේගම, ගැහැනු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, දුවට මවක මිස සහ ගෝඩ් කිං ආදී චිත්‍රපට රැසකට සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස් ගේ ‘මාස්ටර් සර්’ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් විය. එමෙන්ම ශ්‍රී ලාංකේය සිනමා සංගීතයේ වෙනස් කම් රැසකට දායක වූ ප්‍රවීණ සංගීතවේදී නිමල් මෙන්ඩිස් ද ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වූ සංගීතඥයෙකි. ඔහු මහා බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය සංගීතඥයෙක් විය. නිමල් මෙන්ඩිස් මහතා Decca Records සමඟ ගීත අටක් පටිගත කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment